(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ මීළඟට ඉදිරියට එන්නේ බඩගින්න විසින් මෙහෙයවනු ලබන පියවරුන් බවත්  එවැනි විනාශ හරහා රටේ   අඳුරු තත්වයක්  ඇතිවීම වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගත යුතු බවත්  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

මීට පෙර ඉදිරියට පැමිණියේ ඉන්ධන ප්‍රශ්නය විසින්  මෙහෙයවනු ලැබූ මිනිසුන් බවද ඔහු කීවේය.

වීරවංශ මහතා මෙසේ පැවසුවේ ජාතික සභාව යෝජනාව පිළිබඳ විවාදයේදීය.

ජනතාවගේ බඩගින්න පිළිබඳ ප්‍රශ්නය විසඳීමට විධිමත් විද්‍යාත්මක සැලැස්මක් තිබිය යුතු බවත්  බඩගින්න නිවන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන  දැනගැනීමට  ජනතාවට අයිතියක් ඇති බවත්  විමල් වීරවංශ මහතා පැවසීය.

එදා වේල ටුවර්ස් වැඩසටහන් වලින් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය නොහැකි බවද  හෙතෙම පැවසුවේය.

පාලකයන්ගේ විදේශ ගමන් සඳහාඕනෑ තරම් ඩොලර් තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා මහ රැජිනගේ අවමගුල වෙනුවෙන් ඉන්දියාව පිටත්කර  යැව්වේ  නියෝජිතයකු බවද ප්‍රකාශ කළේය.

දේශීය කර්මාන්තකරුවාගේ ජීවන තත්වය ඉහළ නැංවීමට රජය කටයුතු කළ යුතු බව වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.