IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු මරුට

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලයට 2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සැලැසුම් කිරීමේ මහා මොළකරුවකු ලෙසා හැඳින්වෙන රාද් සාද් නම් ජ්‍යෙෂ්ඨ හමාස් සාමාජිකයෙකු පෙරේදා (13) එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ඊශ්‍රායලය ආරක්ෂක හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

රාද් සාද් හමාස් කසාම් රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියකු ලෙස කටයුතු කර ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය. සාද් හමාස් අවි නිපදවීමේ ප්‍රධාන මූලස්ථානය බාරව කටයුතු කර තිබෙන බවත් හමාස් සංවිධානයේ අවි සැපයුම නැවත යථා තත්වයට පත් කිරීමට සාද් උත්සාහ කර තිබෙන බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

සාද් හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙස සැළකෙන බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය. 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී එරට වැසියන් 1,200 ක් පමණ ඝාතනය කළ අතර තවත් දළ වශයෙන් එරට වැසියන් 250 ක් ප්‍රාණ ඇපයට ගෙන තිබිණි.



අදහස් (0)

ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site