
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වෛද්‍ය යටිතල පහසුකම් වලට පසුගිය ඔක්තෝබර් හත් වැනිදා සිට මේ දක්වා 600 වතාවක් පමණ ප්‍රහාර එල්ල කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.
එම ප්‍රහාර වලින් වෛද්‍ය පහසුකම් මධ්‍යස්ථාන තුළදී පුද්ගලයන් 613 ක් මියගොස් ඇති බවත් 770 දෙනකු මියගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය.එලෙස මියගිය 613 දෙනාගෙන් 606 දෙනකු ගාසාහිදී මියගොස් ඇති බවත් 7 දෙනකු බටහිර ඉවුරේදී මියගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.
ගාසා තීරයේ රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වෛද්‍ය යටිතල පහසුකම්වලට පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ප්‍රහාර 304 ක් එල්ල වී ඇති බවත් බටහිර ඉවුරට ප්‍රහාර 286 ක් එල්ල වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේය.
යුද්ධය ආරම්භවී 14 වන සතිය වනවිට ගාසා තීරයේ ළමයින්ගේ ජීවිතවලට මාරක තර්ජන 3 ක් එල්ල වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය. ගාසා තීරයේ ළමයින්ට රෝග වැළඳීමේ ප්‍රවණතාව ඉහළ යන විට ඔවුන්ගේ පෝෂණ තත්වය පහළ වැටී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේය .එසේම ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයද ඉහළ ගොස් ඇතැයි එම සංවිධානය පැවැසුවේය.
ගාසා තීරයේ ළමුන් සෑම දිනකම නරක අතට හැරෙන බියකරු සිහිනයකට හසු වී තිබෙන බව යුනිසෙෆ් සංවිධානය පසුගිය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පැවති යුද සමයේ පැවති එන්ජීඕ කාරයන් ඇතුළු යුරෝපා රටවල් ඇමරිකාව හැසිරුණු ආකාරයත් දැන් ඊශ්‍රායලය ක්‍රියා කරන හැටි සහ ඔය කියන රටවල හැසිරීමත් අධ්‍යයනය කරන්න. වෙනස පැහැදිලියි නේද? මේක තමා ලෝක දේශපාලනය... මෙිව ගැන හරි හැටි දැනගෙන අපි කටයුතු කල යුතුයි... ලංකාවේ වත්මන් පාලකයන් හැසිරෙන්නෙ යුරෝපා ඇමරිකානු අවශ්‍යතාවයන්ට ගැලපෙන විදියට. අපි චීනය රුසියාව ලෙසට නැඹුරු වුනොත් ආයෙමත් නඩ ටික වැඩ පටන් ගන්නව. ඒ නිසා ජනතාව එය තේරුම්ගෙන එක එකාට අවශ්‍ය විදියට නොව අපිට අවශ්‍ය ස්වයං දේශයක් ගොඩ නගාගැනීමට එකා මෙන් පෙළගැසිය යුතුයි.