IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඊශ්‍රායලයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චෝදනා

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වෛද්‍ය යටිතල පහසුකම් වලට පසුගිය ඔක්තෝබර් හත් වැනිදා සිට මේ දක්වා 600 වතාවක් පමණ ප්‍රහාර එල්ල කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

එම ප්‍රහාර වලින් වෛද්‍ය පහසුකම් මධ්‍යස්ථාන තුළදී පුද්ගලයන් 613 ක් මියගොස් ඇති බවත් 770 දෙනකු මියගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය.එලෙස මියගිය 613 දෙනාගෙන් 606 දෙනකු ගාසාහිදී මියගොස් ඇති බවත් 7 දෙනකු බටහිර ඉවුරේදී මියගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

ගාසා තීරයේ රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වෛද්‍ය යටිතල පහසුකම්වලට පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ප්‍රහාර 304 ක් එල්ල වී ඇති බවත් බටහිර ඉවුරට ප්‍රහාර 286 ක් එල්ල වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේය.

යුද්ධය ආරම්භවී 14 වන සතිය වනවිට ගාසා තීරයේ ළමයින්ගේ ජීවිතවලට මාරක තර්ජන 3 ක් එල්ල වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය. ගාසා තීරයේ ළමයින්ට රෝග වැළඳීමේ ප්‍රවණතාව ඉහළ යන විට ඔවුන්ගේ පෝෂණ තත්වය පහළ වැටී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේය .එසේම ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයද ඉහළ ගොස් ඇතැයි එම සංවිධානය පැවැසුවේය.

ගාසා තීරයේ ළමුන් සෑම දිනකම නරක අතට හැරෙන බියකරු සිහිනයකට හසු වී තිබෙන බව යුනිසෙෆ් සංවිධානය පසුගිය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

ඊශ්‍රායලයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චෝදනා

චන්දන Monday, 08 January 2024 08:31 AM

ලංකාවේ පැවති යුද සමයේ පැවති එන්ජීඕ කාරයන් ඇතුළු යුරෝපා රටවල් ඇමරිකාව හැසිරුණු ආකාරයත් දැන් ඊශ්‍රායලය ක්‍රියා කරන හැටි සහ ඔය කියන රටවල හැසිරීමත් අධ්‍යයනය කරන්න. වෙනස පැහැදිලියි නේද? මේක තමා ලෝක දේශපාලනය... මෙිව ගැන හරි හැටි දැනගෙන අපි කටයුතු කල යුතුයි... ලංකාවේ වත්මන් පාලකයන් හැසිරෙන්නෙ යුරෝපා ඇමරිකානු අවශ්‍යතාවයන්ට ගැලපෙන විදියට. අපි චීනය රුසියාව ලෙසට නැඹුරු වුනොත් ආයෙමත් නඩ ටික වැඩ පටන් ගන්නව. ඒ නිසා ජනතාව එය තේරුම්ගෙන එක එකාට අවශ්‍ය විදියට නොව අපිට අවශ්‍ය ස්වයං දේශයක් ගොඩ නගාගැනීමට එකා මෙන් පෙළගැසිය යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site