
(යොහාන් භාසුර)
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම කණ්ඩායම ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 69 වන ශ්‍රමික කණ්ඩායම වන අතර එම පිරිස ලබන 2 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.
මෙම කණ්ඩායමත් සමඟ මෙම වසරේ ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 202 ක් බව ද විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බවත් ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් වැඩ කරන ස්ථානයේ කිසිඳු අකටයුතු දෙයක් නොකරන්න වගබලා ගන්න. රහස් කැමරා "ස්පයි " සවිකර තියෙනවා. සිවිලින් ෆෑන්, බ්ල්බවල හෝ ඔබ නොසිතන තැනක...