
(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඒ අරමුණින් එක්සත් ජාතික පක්ෂය අතීතයේ සිටම ක්‍රියාකොට ඇති බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.
එජාප සභාපතිවරයා මේ බව කීවේ ඊශ්‍රායෙල් පලස්තීන අර්බුදය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
ඊශ්‍රායල් පලස්තීන අර්බුදය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පැහැදිලි ස්ථාවරයක් අනුගමනය කර තිබෙන බව කී අබේවර්ධන මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2022 ,2023, 2024 වසර වලදීත් ඒ ස්ථාවරය පැහැදිලි කර තිබෙන බව සඳහන් කළේය.
"එමෙන්ම විනාශ වන මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කර දීමේ අරමුණින් අප මූල්‍ය ආධාර ද සිදුකර තිබෙනවා.
බටහිර ලෝකයද එසේ කටයුතු කරනු ඇතැයි අප සිතනවා.එමෙන්ම ඊශ්‍රායලය සහ පලස්තීනය රාජ්‍යයන් දෙකක් ලෙස පිළිගත යුතුය යන ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම සිටියා" යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා මෙහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ගෙදර ප්‍රශ්න කෝටියක් විතර තියෙද්දී අනුන්ගේ ප්‍රශ්න විසඳන්නයි හදන්නේ. කොහොමත් ලංකාවේ බහුතරයකගේ හැටි ඔහොමනේ...
මොකෝ මේ හදිසිය වජිර? රජය ලවා ඕක කියවල ට්‍රම්ප්ගෙන් බදු වැඩිකරවල රටට කෙලවන්නද? තමුන්නැහැලා හොඳ ස්ථාවර රටක් හදල ගියා නම් අපටත් එහෙම කියන්න තිබුන. දැන් ඔිව නොදැක්ක ගානට ඉන්නයි වෙලා තියෙන්නෙ, මෙහෙ කොල්ලන් දහස් ගණනක් ඊශ්‍රායල් රටේ වැඩ කරල සල්ලි එවනව. ඒව නැති කරගන්නද කියන්නෙ, ඉන්දියාව වත් තවම මොනවත් කියල නැහැ
ගාල්ලේ රටට ආදරයක් තියෙන අවංක මිනිස්සු වගේම, මේ වාගේ අමුම අමු මී ගවයෝ කියලා දෙවර්ගයක් ඉන්නවා පිළිගත යුතුයි
මතකද බොලාගේ මහා එකා කොටියට උතුරු නැගෙනහිර ලියලා දීල රටවල් දෙකක් කරන්න වලිකාපු හැටි. හොඳ වෙලාවට චන්ද්‍රිකා ආණ්ඩුව විසුරුවලා රට බේරාගත්තේ. එහෙම නොවුනානම් අදටත් ප්‍රභාකරන්ගෙන් වීසා අරං තමයි උතුරු නැගෙනහිරට යන්න වෙන්නේ. ඇයි හත්වලාමේ ඔහෙට මතක නැතෙයි, ඔළුව කොහේහරි වැදුනැයි?