
ඊජිප්තු ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති ෆාටා අල් සීසී ට විශිෂ්ට ජයක් හිමි විය. ෆාටා අල් සීසී ජනාධිපති ධුරයට පත් වූයේ පිටපිට තෙවැනි වරටය.
ඊජිප්තු ජාතික මැතිවරණ අධිකාරියට අනුව, ෆාටා අල් සීසී සියයට 89.6 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබේ.
ෆාටා අල් සීසී ඊජිප්තුවේ හිටපු හමුදාපති වරයාය. ඔහු පළමුවෙන් බලයට පැමිණියේ හමුදා කුමන්ත්‍රණයකිනි. පසුව ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූයේ සිවිල් වැසියකු ලෙස හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් පසුවය.
ඊජිප්තුව යනු අරාබි ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රාජ්‍යයයි. ඊජිප්තුව ද ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. ඊජිප්තු ආර්ථිකයට ඇති එකම ශක්තිය විදෙස් ආධාරය. විදෙස් ආධාර ලබා ගැනීමට අල් සීසීගේ විදෙස් සබඳතා හේතුවක් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊජිප්තුව අරාබි රටක් නොවේ. ඊජිප්තුව අප්‍රිකානු රටකි. වාර්තාකරු වැරදියි