IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඊ.ටී.අයි සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන්නැයි ඉල්ලීමක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවීම පැහැර හැර ඇති ඊ.ටී.අයි මූල්‍ය සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අහිමි වූ සිය තැන්පතු මුදල් ආපසු ගෙවන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නොවන ආයතන අංශය වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා මෙම ඉල්ලීම කළේය.

මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බී දෙහිදෙණිය සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවිණි.

එහිදී පෙත්සම්කාර ඊ.ටී.අයි තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ස්වාධීන සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා මහ බැංකුව කළ එම ඉල්ලීමට විරෝධය පළ කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ්‍ය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ඊ.ටී.අයි සමාගමේ කටයුතු පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ මේ දිනවල විවිධ ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් වෙමින් පවතින හෙයින් එම තත්ත්වය වසන්කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් නීතිපතිවරයා හරහා මෙම මෝසම ඉදිරිපත් කර තිබෙන බවය.

ආයතනය තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව වසර ගණනාවක් නිහඬව බලා සිටි ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් , අදාළ සමාගම අත්හිටුවීමට තැන්පත්කරුවන්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟ වූ බවට ඊ.ටී.අයි සමාගමේ කටයුතු පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට ගොස් පෙන්වීම සඳහා නීතිපතිවරයා මාර්ගයෙන් මෙම මෝසම ඉදිරිපත් කර ඇති බවද ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.

ඊ.ටී.අයි සමාගමේ කටයුතු පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ වැදගත් කරුණු මේ වනවිට අනාවරණය වෙමින් පවතින බවත් , ඒවා යටපත් කිරීමේ අරමුණින් මෙම ඉල්ලීම මහ බැංකුව විසින් සිදු කරන බවද ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.

අදාළ මූල්‍ය සමාගම මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පැවති මූල්‍ය සමාගමක් බවත් , ඒ පිළිබඳව විශ්වාසයෙන් තැන්පතුකරුවන්ගේ මුදල් තැන්පත් කර ඇති බවත් , මහ බැංකුව සිය වගකීම නිසි පරිදි ඉටු නොකිරීම නිසා තැන්පතුකරුවන්ට මුදල් අහිමි වූ බවද  ජනාධිපති නීතීඥවරයා අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කෙසේ වුවද මහබැංකුව කළ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී නියෝගයක් නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 25 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ඊ.ටී.අයි සමාගම සතු වත්කම් අත්පත් කරගෙන මුදල් අහිමි වී සිටින තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් ආපසු ගෙවන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ලෙස ශ්‍රී ලංකාව මහ බැංකුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇත.



අදහස් (0)

ඊ.ටී.අයි සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවන්නැයි ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site