
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීම බාරව තිබෙන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ඉරාන රජයේ අණ පරිදි කටයුතු නොකරන බවත් ඔවුන් මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ ස්වාධින කණඩායමක් ලෙස බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි පසුගියදා ප්‍රකාශ කළේය.
ඕමානයට ප්‍රහාර එල්ල කිරීමට ගත් තීරණය ඉරාන රජයේ තීරණයක් නොවන බවත් එය ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ස්වාධීනව ගත් තීරණයක් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
ඉරාන විප්ලවයෙන් පසුව 1979 වසරේ මැයි මාසයේදී රුහොල්ලා කොමේනි විසින් පිහිටුවන ලද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය, සාම්ප්‍රදායික ඉරාන හමුදාවෙන් වෙන්ව පවතී.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ඉරාන උත්තරීතර නායකයට වාර්තා කරයි.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පසුගියදා ඒකාබද්ධව ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියයාමත් සමග ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට නව නායකයකු තවමත් පත්ව නොමැති බැවින් එම බළකාය ස්වාධීනව කටයුතු කරන බව පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd