
(ශාන්ත චන්ද්‍රසිරි)
සෞදි අරාබියට ගෘහ සේවයට ගිය කාන්තාවකට එම රටේදී ශරීරයේ විවිධ ස්ථාවලට අල්පෙනෙති කටු ගසා වධ හිංසා පමුණුවා ඇති අතර එම කාන්තාව ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි.
එම කාන්තාවගේ ශරීරයේ ඇති අල්පෙනෙති දෙකක් ඉවත් කිරීමෙන් පසු ඉතිරි කටු ඉවත් කිරීමේ සැත්කමට ලක් කිරීම සඳහා යළි ලබන මස රෝහල්ගත වෙන ලෙස වෛද්‍යවරුන් ඇය දන්වා ඇත.
තලවකැලේ ලිඳුල ගැනිගල් වත්තේ හෙන්ෆොල්ඩ් කොටසේ පදිංචි 30 හැවිරිදි මවක මෙම සිද්ධියට මුහුණ පා ඇත.
ඇයට පහරදී අල්ලට,කලවා ප්‍රදේශවලට මෙන්ම ශරීරයේ කීහිප තැනකමට කටු ගසා ඇත. භාෂාව නොදන්නා නිසා මෙම වධ හිංසා සිදු කළ බව වධ හිංසාවට ලක් වූ කාන්තාව පවසයා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ කතාවක් වසර ගාණකට කලිනුත් මාධ්‍යවල පළ වුනා. භාෂාව නොදන්නවා වුනාට රිදෙනවා දැනෙනවානේ. අනික එහෙම ගැහුවා නම් ඒ රටින් එනකම් හිටියේ කොහොමද? රේගුවේදි යන්ත්‍ර වලට අහුවෙන්නේ නැද්ද?අනික රට රස්සාවට යන්න කලින් විදේශ සේවා නියුක්ති කාර්යාලේපුහුණුව ගත්තෙ නැද්ද?
ඒ මිනිස්සු වැඩකාරයෝ ගන්නේ හුරතල් කරන්න නෙමේ. ඒ රටවල මිනිස්සු පොහොසත් වෙලා, ඇයි උඹලා හිඟන්නෝ වෙලා තියෙන්නේ කියලා හිතපල්ලා....