(මනෝප්‍රිය ගුණසේකර)

අධිකරණ සේවා කොමිසමේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු වශයෙන් රාජකාරී කළ විශේෂ ශ්‍රේණීයේ නිලධාරියකු වන ඉසුරු නෙත්තිකුමාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි හම්බන්තොට මහෙස්ත්‍රාත්වරයා වශයෙන් ස්ථාන මාරූ කර ඇත.

දුෂ්කර සේවා ස්ථානයක් වශයෙන් හඳුන්වනු ලබන හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වැනි දුෂ්කර අධිකරණ වලට පත් කරනු ලබන්නේ පළමු පත්වීම ලැබු කනිෂ්ඨ ශ්‍රේණීයේ මහෙස්ත්‍රාත්වරුන් හෝ දඬුවම් මාරූවීම් ලබන මහෙස්ත්‍රාත්වරුන් වුවත් අධිකරණ සේවා කොමිසමේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු වශයෙන් රාජකාරී කළ විශේෂ ශ්‍රේණීයේ නිලධාරියකු වන ඉසුරු නෙත්තිකුමාර මහතා මෙලෙස හිටි හැටියේ ස්ථාන මාරූ කර ඇත.

දඬුවම් මාරූවක් ලැබ හම්බන්තොට මහෙස්ත්‍රාත්වරයා වශයෙන් රාජකාරි කළ යසරුවන් නෙළුම්දෙණීය මහතාගේ සේවය අධිකරණ සේවා කොමිසම විසින් පසුගිය කාලයේ තහනම් කිරීමෙන් අනතුරුව විදේශ ශිෂ්‍යත්වයකට ගොස් යළි ලංකාවට පැමිණී අරවින්ද ගුණරත්න මහතා තාවකාලික පදනමින් හම්බන්තොට මහෙස්ත්‍රාත්වරයා වශයෙන් පත් කර තිබිණී.

පසුගිය කාලයේ කොටුව මහෙස්ත්‍රාත්වරයා වශයෙන් රාජකාරි කළ ඉසුරු නෙත්තිකුමාර මහතා ආන්දෝලනාත්මක නඩු කිහිපයක්ම විමසු අතර ඒ මහතා හිටිහැටියේ අධිකරණ සේවා කොමිසමේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු වශයෙන් පත් කරනු ලැබු අතර එසේ රාජකාරී කරමින් සිටියදී ඔහු හම්බන්තොට මහෙස්ත්‍රාත්වරයා වශයෙන් ස්ථාන මාරූ කර ඇති අතර ඉන් පුරප්පාඩු වු අධිකරණ සේවා කොමිසමේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුර සඳහා හම්බන්තොට මහෙස්ත්‍රාත්වරයා වශයෙන් රාජකාරී කළ අරවින්ද ගුණරත්න මහතා පත් කර ඇත.