
(නිමල් ජයරත්න )
මාදුරුඔය ඉසෙඩ්.ඩි.ප්‍රධාන ඇළට පිඹුරත්තෑව ප්‍රදේශයෙන් අද (8 ) අලුයම වැටී සිටි අලි දෙදෙනෙකු පැය අටක මෙහෙයුමකින් අනතුරුව වෙහෙරගල වනජීවී නිලධාරීන් ගොඩට ගෙන උල්පත්වැව රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළේය.
බීමට ජලය සොයා පැමිණ ඉසෙඩ් ඩී ඇළට වැටී සිටියෙදී ගොඩගත් මෙම අලි දෙදෙනාගේ වයස අවුරුදු පහළොවක් පමණ බවත්, ඇළට වැටී සිටි අලි දෙදෙනා ජලය සැඩපහරට කිලෝ තුනක් පමණ ගසාගෙන ගොස් ඇති බවද වෙහෙරගල වන අඩවි සහකාර ආර්. ආර්. ශාන්ත මහතා පැවසීය.
ටයර් , යකඩ දම්වැල් .කඹ හා කොට ආධාරයෙන් එම අලි දෙදෙනා ගොඩගැනීමට 10 කින් යුත් වනජීවී නිලධාරී කණ්ඩායමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ බව ද ශාන්ත මහතා පැවසීය.
එම අලි දෙදෙනා ගොඩගැනීම සඳහා අරලගංවිල පොලිසියේ සහයද ලබා ගැනීමට සිදු වූ අතර අලි දෙදෙනා ගොඩගැනීම සඳහා ප්‍රදේශයේ තරුණයන්ගේ සහයෝගයද හිමිවූ බව මෙහෙයුමට එක්වූ වනජීවී නිලධාරී සඳහන් කලහ.
එක් අලියකු ගොඩ ගැනීමෙන් පසු ගොඩ අනිත් අලියා කඹයක පැටලීමත් සමඟ එම අලියා දැඩි කළ කලබලයට පත්වී අලි කඹය ලෙහාගෙන යෑමට අලියා සමත්වීම එහි කාටත් අපූරු දර්ශනයක් විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසෙඩ් ඇළට අලි වැටුණු බව නිතර නිතර අසන්න ලැබෙනවා නේද? කොයියම්ම හෝ විසඳුමක් නැතිද? එක කෙළවරකින් සතුන්ගේ වාසස්ථාන ටික කැලෑ පාලුවෝ විනාශ කරනවා. අනිත් පැත්තෙන් අම්මලා මරලා පැටව් ටික අරගෙන යනවා...