
(සුජිත් හේවාජුලිගේ)
පාතාල නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටින ඉෂාරා සෙව්වන්දි දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය අවසර ලබා දී ඇත
මෙසේ අවසර දී ඇත්තේ පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
ඉෂාරා සෙව්වන්දි සම්බන්ධ විමර්ශන දිගටම කරගෙන යන අතර ඇය අදත් ගම්පහ ප්‍රදේශයේ කිසියම් විමර්ශනයක් සඳහා රැගෙන යනු ලැබුවාය.
සෙව්වන්දි රට පලායෑමට ප්‍රථම ගම්පහ ප්‍රදේශයේ වළදමා තිබූ ජංගම දුරකථනයක් එහිදී සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ජංගම දුරකථනයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකි වනු ඇතැයි විමර්ශන නිලධාරීහු විශ්වාසය පළ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තචම පරන සිස්ටම ම තමයි. චේන්ජ් වි නොමැත. පෙනෙන්නට ද නැත. පාතාලය සම්බන්ධ වගවිය යුතු විස්තර අමු අමුවේ මාධ්‍යවලින් නිදහසේ ප්‍රචාරය වේ.
ඔය දින 90න් පස්සේ එයාට ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශිකා තනතුරක් දිය යුතුයි. එයාගේ වටිනා මොලෙන් වැඩක් ගන්න පුළුවන්, අර කවුදෝ ඇමති තුමෙක් කිව්ව විදිහට
තාම නාමල් ගැන කියලා නැද්ද?
හරි. ඉශාරා එහෙම රදවාගෙන හිටපුවාවේ. මීට වඩා හන්වැල්ල, පාදුක්ක, හෝමගම, මීගොඩ ආටිගල පළාතම කප්පම් අරගන්නේ, මිනීමරන්නේ අර ඩුබායිවලදි අල්ලාගත්තා කියන බස් ලලිත්. කී දෙනෙක් පදින්චිය අතහැරියාද? කඩ වහලා දාපු මිනිස්සු ඉන්නවා. ඒ මේ ලලිත් කන්නන්ගරට බයේ. කෝ දැන් ඒ අල්ලගත්ත කෙනා? අල්ලාගත්තු කෙනාට පොලිසියට සුබපතලා හන්වැල්ල බැනරුත් ගහලා. කෝ? මේවා ප්‍රශ්න කරලා අහන්න කෝ ඒ අල්ලාගත්ත ලලිත් කවද්ද ගේන්නේ කියලා...
බයියෝ කනපිට ගහන්න ඕනෑ, පළමුව නැතිව මේ රට හදන්න පුළුවන්ද බලන්න ප්‍රස්නයක් දිහා බලන විදියට...
මාස තුනක් රක්ෂිත බන්ධනාගාරයේ රදවා ගෙන, තුන් වෙලක්ම කන්න බොන්න දෙන්න විතරක්ම, අසරණ බදු ගෙවන්නන් මෙම බඩ්ඩ වෙනුවෙන් වියදම් කරන්න සූදානමින් ඉන්නවාද ? නඩුව අවසන් වූ වහාම ඒ මුදල මෙයාගෙ පාතාල boss ගෙන් අයකර ගන්න...