(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ අරුවක්කාඩුව අධි සංවේදි පරිසර පද්ධතිය තුළ නිසි අවසරයකින් තොරව ඉල්මනයිට් සේදීමේ කටයුතු පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා රුපියල් කෝටි 200 කට අධික යන්ත්‍ර සුත්‍ර ඇතුළු දෑ තම තම භාරයට ගත් බව වලාන මධ්‍යම ප්‍රහාරක බලකාය කියයි.
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විජේසුරීය මහතාගේ අධික්ෂණය යටතේ වළාන මධ්‍යම ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ පොලිස් අධීකාරී කේ.ඒ.උදය කුමාර මහතාගේ මෙහෙය විමේන් එම ඒකකයේ ස්ථානාධිපති ඉන්දික විරසිංහ මහතා සමග පොලිස් පරික්ෂක ජනිත ඇතුළු නිළධාරීන් විසින් මෙම වැටලම කර ඇත.
දැවැන්ත පරිසර පද්ධතියක් වනසමින් මෙම ස්ථානය පසුගිය රජයෙ ප්‍රබල දේශපාලඥයින්ගේ හා විෂය භාර ඇමතිවරයකුගේ රැකවර්ණය මැද කර ගෙන ගොස් තිබු බවත් එම පරිසර පද්ධතියෙ තිබු වසර සිය ගනනක් වටිනා කළුවර,බුරුත,වීර ඇතුළු වෘක්ෂයන් වනසා දමමින් අක්කර 20 කට වැඩි භුමියක් අදාල ඉල්මනයිට් ව්‍යාපෘතියට ලබා ගෙන තිබු බව කියයි.
අදාල ස්ථානය සදහා මූලික පාරිසරික ඇගයිමක් (EIA) පවා සිදුකර නොමැති බවත් රාජ්‍ය ආයතන රැසකින් නිසි අවසරයක් ලබා ගෙන තිබුණ ද එයද නිත්‍යානුකුල නොවන බව අදාල විමර්ශන වලදි හෙළිවු බවත් වළාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසයි.
අදාල ස්ථානය විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ පේරක කලාපයට මිටර් 500 ක දුරකින් පිහිටා ඇති බවත් එම ස්ථානයට ජලය පවා ලබා ගෙන ඇත්තේ විල්පත්තුව පේරක කලාපයට අයත් සිමාවේ පිහිටි ලුණු ඔයෙන් පොම්ප කරමින් බව පරික්ෂණ වලදි හෙළිව තිබේ.
මෙම ස්ථානය පුරා විද්‍යාත්මක අතින් අධි සංවේදි පරිසර පද්ධතියක් ව තිබුණ ද එය නොසලකා පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව මගින් කිසියම් නිළධාරීන් පිරිසක් මැදිහත් වී ජලායක් ඉදිකිරීමට අවසර දී තිබුනද කැණීම් කිරීමට අවසර ලබා දී නොමැති බව කියයි.
නමුත් පුරා විද්‍යා නිර්දේශන් පවා ගනන් නොගෙන මෙම ස්ථානයේ අඩි 20 කට වැඩි ගැඹුරට අක්කර දෙකකට වැඩි භුමියක ජලාශයක් ඉදිකරමින් ලුණු ඔයේ සිට පොම්ප කරනු ලබන ජලය රදවා ගැනිම සිදුකර ඇති බව පරික්ෂ වලදි තහවුරු වු බව අදාල නිළධාරීන් පවසයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඉල්මනයිට් හෝදන්න විල්පත්තුව වනසලා