IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඉල්මනයිට් සේදීමේ ස්ථානය පොලිස් භාරයට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විල්පත්තුව ජාතික වන උද්‍යානය මායිමේ අරුවක්කාඩුව පුරා විද්‍යා අධි සංවේදි පරිසර පද්ධතියක් තුළ නිසි නිත්‍යානුකුල අවසරයකින් තොරව පවත්වාගෙන ගිය ඉල්මනයිට් සේදීමේ ස්ථානය වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බළකාය අදාල පරික්ෂණ අවසන් වන තුරු පොලිස් භාරයෙ තැබිමට පුත්තලම දිසා විනිසුරු මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා 11 දින නියෝග කළේය.

මෙම නියෝගය නිකුත් කෙරුණේ අදාල ඉල්මනයිට් සේදිමේ දේශීය සමාගම විසින් පරිසරය වනසමින් භු විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයෙ නිසි අවසරයකින් තොරව පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව ලබා දුන් නියෝගවලට පටහැනිම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලැබුන පැමිනිල්ලක් මත වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බලකාය ෙඅදාල ස්ථානය වටලා එහි සියලු යන්ත්‍ර සුත්‍ර ඇතුළු කර්මාන්ත භුමිය තම භාරයට ගැනිමෙන් පසු ඒ සම්බන්ධව පුත්තලම අධිකරණයට අද  කරුණු දැක්වීය.

අදාල ඉල්මනයිට් සේදීමේ ස්ථානය විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ පේරක කලාපයට මායිම්ව පුරා විද්‍යා අධි සංවේදි පරිසර පද්ධතියක් තුළ දැවැන්ත කැණිම් කරමින් වසර සිය ගණනක් පැරණි වෘක්ෂයන් ඩෝසර යොදා ගනිමින් වනසා සිමෙන්ති සංස්ථාව පවා නොමග යවමින් මේ වනවිට සිමේන්ති නිශ්පාදනයට ලබා ගන්නා හුණු ගල් තට්ටුවට උඩින් වු පස් ලබා ගෙන ඉල්මනයිට් ඉල්මනයිට් ලබා ගැනිම සිදුව තිබු බව කියයි.

ඉල්මනයිට් සේදීම හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුව ඇති බවට වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බලකාය අධිකරණයට කරුණු වාර්තා කළේය.

 



අදහස් (2)

ඉල්මනයිට් සේදීමේ ස්ථානය පොලිස් භාරයට

Neel Monday, 11 August 2025 07:18 PM

තනියෙන් මෙහෙම කරන්න පුළුවන්ද? අපිට දැනගන්න ඕනෑ කවුද? සහයෝගය දුන්නු ඇමැති සහ නිලධාරීන් කවුද කියලා බලන්න ඕනෑ...

:       0       0

ravin Monday, 11 August 2025 07:28 PM

හොඳින් බලාගෙන ඉන්න... ඊට පස්සේ ඉන්න දේශපාලකයෝත් විශ්‍රාම වැටුපුත් ඉල්ලනවාද කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 241 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2094 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site