(සුජිත් හේවාජුලිගේ)

අයිරිස් ඩේනා සහ අයිරිස් බුෂර් ඉරාන නෞකාවල සිට බේරා ගනු ලැබූ නාවිකයන් සම්බන්ධයෙන් හෙට අනිද්දා තීරණයක් ගනු ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය ඉරාන තානාපතිවරයා සහ ඉරාන රජය සමඟ සාකච්ඡාවට ගණනාවක් පසුගිය දිනවල පැවැත්වුණු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නාවිකයන්ගේ මළසිරුරු සියල්ල ඉරානයට යවා අවසන් කෙරුණු බවත් ඔහු ප්‍රකාශ කළේය.

අයිරිස් ඩේනා නැවේ සිටි තිස් දෙදෙනෙකුද අයිරිස් බුෂර් නැවී සිටි දෙසිය හත් දෙනෙකුද බේරාගෙන වැලිසර සහ කොග්ගල ආරක්ෂක කඳවුරුවල රඳවා සිටින හෙතෙම ප්‍රකාශ කළේය.

අයිරිස් ඩේනා නෞකාවේ සිටි නාවිකයන් 84 දෙදෙනකුගේ මළ සිරුරු විශේෂ ගුවන් යානයකින් පසුගිය 13 වැනිදා ඉරානයට යවනු ලැබීය.

අයිරිස් ඩේනා නෞකාව ඇමරිකානු සබ්මැරීන් ප්‍රහාරයකින් ගාල්ලට ඈත මුහුදේදී පසුගිය 4වැනිදා විනාශයට පත්විය. අයිරිස් බුෂර් නෙෘකාව ශ්‍රීලංකා නාවික හමුදාව විසින් බේරාගෙන ත්‍රිකුණාමලය වරායට රැගෙන යනු ලැබීය.