ඉරාන තෙල් අමාත්‍ය මොහොසන් පාක්නෙජාද් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණු බව එරට මාධ්‍ය ඊයේ (5) වාර්තා කළේය. තමා තම ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ, පෞද්ගලික හේතූන් මත යැයි මොහොසන් පාක්නෙජාද් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.

පාක්නෙජාඩද්ගේ ඉල්ලා අස්වීමත් සමග, සිය ධුරයෙන් ඉල්ලා අස් වීම සමග රජයට අයත් ජාතික ඉරාන තෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් බොවාර්ඩ් වැඩබලන තෙල් අමාත්‍යවරයා ලෙස පත් කිරීමට ඉරාන නායකත්වය කටයුතු කර ඇත.

2024 අගෝස්තු මාසයේ සිට ‘ඔපෙක්’ (ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය) සාමාජික රටක් වන ඉරානයේ තෙල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පාක්නෙජාද් මෙලෙස ඉවත් වී ඇත්තේ, ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින මාස හතක යුදමය වාතාවරණය හමුවේ එරට ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල වී ඇති පසුබිමක් තුළ යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ඉරාන ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පාක්නෙජාද් මීට කලක සිට පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වීමට උත්සාහ කර ඇති බවත්, ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් එම ඉල්ලා අස්වීම බාර නොගත් බවත්, දැන් එම ඉල්ලා අස්වීමට ජනාධිපති පෙසෙෂ්කියන් සිය අනුමැතිය ලබා දී ඇති බවත්ය.