
සියලු ඉන්ධන මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 12කින් ඉහළ දමයි. එහි නව මිල රුපියල් 410කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 470කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 392කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 458ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
භූමිතෙල් මිල රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 265ක් වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd