(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා එක්දින නිල සංචාරයකට අද(05) මෙරටට පැමිණි බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

එක්දින නිල සංචාරය ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් මුණ ගැසී සාකච්ඡා කරනු ඇතැයි මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.

ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතාගේ මෙරට සංචාරය දෙරට අතර පවතින සමීප සබඳතාව ශක්තිමත් කර ගැනීමටත්, ඉන්දියාවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමටත් සහාය වනු ඇතැයි මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.