
(ටී.කේ.ජී.කපිල)
විපතට පත් වී සිටින ශ්‍රී ලාංකික ජනතාව සදහා බෙදා දීමට මෙට්‍රික් ටොන් 25 ක් බරැති ආපදා ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (14) පැමිණි අතර එම ගුවන් යානයෙන් මෙරට මහියංගනය ප්‍රදේශයේ ක්ෂේත්‍රගත රෝහලක සේවය කළ රෝහල් කාර්ය මණ්ඩලය ද ආපසු ඉන්දියාව බලා පිටත්ව ගියහ .
ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (14) දින පස්වරු 03.07ට ඉන්දියාවේ අග්‍රා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහි මෙට්‍රික් ටොන් 25 ක් බර , මෙරට සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාමට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 17 ක් සහ වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් තිබුණි .
එම ආපදා ආධාර තොගය එම ගුවන් යානයෙන් ගොඩබෑමෙන් පසු , මෙරට මහියංගනය ප්‍රදේශයේ ක්ෂේත්‍රගත රෝහලක් පවත්වා ගෙන ගිය රෝහල් කාර්යය මණ්ඩලය 85 දෙනෙකු සහ ඔවුන්ගේ වෛද්‍ය උපකරණ තොගයක් ද පටවනු ලැබීය .
එම ඉන්දීය රෝහල් කාර්යය මණ්ඩලයට සමු දීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද කටුනායක ගුවන් තොටුපොළ , එම ගුවන් යානය අසළටම පැමිණ සිටියේය .
මෙම ඉන්දීය වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලය අත්‍යාවශ්‍ය සැත්කම් ඇතුළු රෝගීන් 7,000 ක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අනාවරණය ඔවුන්ට සිය ප්‍රනාමය පුද කළේය .
මෙම ගුවන් යානය අද (14) දින පස්වරු 05.15 ට යළිත් කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ අග්‍රා නුවර බලා පිටත්ව ගියේය .
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය ආපදා ආධාර තොගයක් කටුනායකට