
(යොහාන් භාසුර)
ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය ජනරජ දිනය සැමරීමට ඉන්දියාවේ ආරාධනය පරිදි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තය බලා පිටත්වීමට නියමිතය.
එම පිරිසට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චිත්‍රාල් ප්‍රනාන්දු, චාමිද්‍රිනී කිරිඇල්ල, චතුර ගලප්පත්ති සහ ප්‍රසාද් සිරිවර්ධන, පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරාල සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂත් අයත් වේ.
එමෙන්ම මෙම කණ්ඩායම ලෝකයේ විශිෂ්ඨතම ආපදා කළමනාකරණ මධ්‍යස්තානයක් වන ඔඩිසා ආපදා කළමනාකරණ මධ්‍යස්තානයේ නිරීක්ෂණ චාරිකාවකට සහ අසෝක රජුගේ සමයට අයත් බෞද්ධ පුරාවස්තු නැරඹීමේ සංචාරයකටද එක්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කගෙන්ද වියදම් ? අපෙන් නම් වෙන්න බෑ
කාට උනත් ඔලුගෙඩි ඕන කරනවා. මෙන්න උදාහරණයක්.