IMG-LOGO

ඉන්ධනහල්වලට පැය 24ම පොලිස් ආරක්ෂාව

(ඉන්දිකා  රාමනායක)

දිවයින පුරා  ඉන්ධන හල් වෙත පැය 24 පුරා පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසත්, පාමුර සංචාර, ජංගම සංචාර  යොදවා නිතරම ඉන්ධනහල් අසල  පරීක්ෂාවට ලක්කරන ලෙසටත්   පොලිස්පතිවරයා   සියලු උසස් පොලිස් නිලධාරීන්  දැනුවත් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇකි බව පොලිස් මුලස්ථානය පවසයි.

ඇතැම්  ඉන්ධනහල් වෙත පැමිණෙන බාහිර  පිරිස් මහජනයාට හිරිහැර වන අයුරින් වෙනත් මාර්ග වලින්  ගොස්   ඉන්ධන ලබාගන්නා බවට තොරතුරු ලැබී ඇති බවත්, මේ සම්බන්ධයෙන්  පරීක්ෂා කිරීමේ   සියලු පොලිස් නිලධාරීන් ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ  නිහාල් තල්දූව මහතා පවසයි

එම ස්ථාන වල පොලිම් වල රැදී සිටින ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසටත්, මෙම ස්ථාන වල අනවශ්‍ය පිරිස් රැදී සිටිමින් ,  එම කටයුතු වලට බාධා වන අයුරින් හැසිරෙන් නම් පිරිස්  විසුරුවා හැරීමට සියලු පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඉන්ධනපිරවුම් හළේ  රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් ට  එවැනි තත්ත්වයන් පාලනය කර ගැනීමට නොහැකි නම්   ඒ සම්බනධයෙන් වහාම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර අවශ්‍ය පිරිස් එම ස්ථාන වලට කැඳවා ගන්නා ලෙසට ද උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය කීය.

ඉන්ධනහල්  වෙත ඉන්ධන බවුසර්   පැමිණීමේ දී ඒ සම්බන්ධයෙන අවදාන යොමුකර එයට අවශ්‍ය ආරක්ෂාව ලබා දී  අවශ්‍ය ක්‍රියා මාර්ග  ගැනීමට කටයුතු කරන ලෙසත් පොලිස්පතිවරයා  උපදෙස් ලබා දී ඇත.

ඉන්ධන  , ගෑස්  ලබා ගැනීම පොලිම්වල සිටින පිරිස්   වරින් වර මාර්ග අවහිර කරන අයුරු නිතර නිතර වාර්තා වන බවත්, එවැනි ක්‍රියාවන් වල නිරත නොවන ලෙසටත්, එය නීති විරෝධී ක්‍රියාවක් බවත් පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අනවශ්‍ය ආකාරයට  මාර්ග වැසීම නිසා  අපොස සාමාන්‍ය පෙළ විභාගයට   පෙනී සිටින දරුවන් ඇතුලු, මාර්ගයේ ගමන් කරන ජනතාව අපහසුතාවට  පවත්වන බවද හෙතෙම කිය.

මෙලෙස  මාර්ග වසා උද්ඝෝෂණ කිරීමෙන්  ගෑස් හෝ ඉන්ධන නොලැබෙන බවත්, එයින් අපහසුතාවට පවත්වන්නේ   ජනතාව පමණක් බවද හෙතෙම වැඩිදුරටත් කීය.  



අදහස් (0)

ඉන්ධනහල්වලට පැය 24ම පොලිස් ආරක්ෂාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 360 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 823 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site