IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්ධනහලේ ගින්න තත්පර 25කින් නිවයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කැස්බෑව නගරයේ ඉන්ධන පිරවුම් හලේ වළට (ටඩාන්ගයට)   බවුසරයකින්  දහවල් ඉන්ධන ගොඩගාමින් සිටියදී හදිසියේ හදිසියේ හට ගත් ගින්නක්   තත්පර 25 ක් වැනි සුළු කාලයකදී  මැඩ පැවැත්වීම නිසා සිදුවන්නට ගිය විශාල අනතුරක් වළකී ගියේය.

පෙට්‍රල් ඉන්ධන රැගෙන ආ බවුසරය ටඩාන්ගය අසල නවතා ඉන්ධන යොමු කරමින් සිටියදී බවුසරයේ නලය හා ටඩාන්ගයේ යකඩ බට අතර ගැටී අඩි පහළොවක් පමණ උසට ඒ තුළින් නැගී ආ විශාල ගිනිදැල්ලක් බවුසරයේ ඉහළටම වන්නට හටගෙන ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

තෙල් ගොඩ බාන අතරවාරේ එම කටයුත්ත කෙරෙහි සුපරික්ෂාකාරීව සිටි බවුසරයේ රියදුරු, සහායක සහ ඉන්දන හලේ සේවකයන් ගින්න හට ගැනීමත් සමගම බවුසරය එම ස්ථානයෙන් වහා ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟම සෙසු සේවකයන් ගිනි නිවීමේ උපකරණ භාවිතා කරමින් ටඩාන්ගය තුළින් ඇවිලෙන ගින්න පැතිරීමට ඉඩ නොදී විනාඩි කිහිපයක් තුළදී නිවා දැමීමට කටයුතු කෙරිණි.

 



අදහස් (5)

ඉන්ධනහලේ ගින්න තත්පර 25කින් නිවයි

Bamunuarachchi Wednesday, 17 January 2024 05:51 AM

සේවය කරන අය බොරු ගින්දර හදලා හරි ඔවැනි අවස්ථාවලදී කඩිනමින් ක්‍රීයා කරන්න ගිනිනිවන උපකරන පාවිච්චිය ගැන පුහුණුව දීම වටිනවා. අපි දැක්ක සේවක මහතෙක් ගිනිනිවන උපකරනක් පාවිච්චි කර ගින්න නිවනවා.

:       0       4

චන්දන Wednesday, 17 January 2024 07:36 AM

ඒකෙ වීඩියෝ පටය දැක්කා. එහි සිටි සියළු දෙනා ක්ෂණිකව ක්‍රියාත්මක වුනා නිවැරදිව. ඒ සියළු දෙනාගේ දක්ෂකම අගය කරමු.

:       0       10

no name says Wednesday, 17 January 2024 08:07 AM

ආදර්ශමත් අගය කළ යුතු වීර ක්‍රියාවක් ආඩම්බරයි අපි හැමෝටම

:       0       6

no name says Wednesday, 17 January 2024 08:11 AM

ආදර්ශමත් සොයුරනි ආඩම්බරයි

:       0       8

KelaniNaya Wednesday, 17 January 2024 09:04 AM

මරු ජයවේවා

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 20 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site