
(අංජුල මහික වීරරත්න)
ඉදිරි මාසයක කාලයක් සඳහා ඉන්ධන සංචිත තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා පැවැසීය.
ඉරාන යුද්ධය නිසා ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවද රාජකරුණා මහතා කීය.
පෙට්‍රල් දවස් 37 කට ඩීසල් දවස් 35 කට සහ ගුවන් යානා ඉන්ධන දින 47කට ප්‍රමාණවත් සංචිත තිබෙන බව සභාපතිවරයා කීය.
දැනට ලංකාවට ළඟාවෙමින් පවතින නැව්වල ඉන්ධන සහ සංචිත එකතු කළ විට අදාල දින වකවානු සඳහා ඉන්ධන ප්‍රමාණවත් බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අවධාරණය කළේය.
ලංකාවට පිරිපහදු ඉන්ධන ගෙන්වන්නේ මැදපෙරදිග කලාපයෙන් නොව ඉන්දියාවෙන් ,සිංගප්පූරුවෙන් සහ කොරියාවෙන් සහ මැලේසියාවෙන් බව කී සභාපතිවරයා පෝක් සමුද්‍ර සන්ධිය වසා දැමුවත් එම ඉන්ධන ගෙන්වීමට බලපෑමක් ඇති නොවන බව සඳහන් කළේය. බලපෑමක් ඇතිවුවහොත් එය බලපාන්නේ බොරතෙල් ගෙන්වීමට පමණක් බව කී රාජකරුණා මහතා නමුත් මේ වන විට පවතින සංචිත රට මාසයක් දුවන්නට ප්‍රමාණවත් බව කීය. ප්‍රශ්න ඇතිවන්නේ ජනතාව අනවශ්‍ය ලෙස කලබල වුවහොත් පමණක් බවද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd