
(ඩයනා උදයංගනී)
ලෝක වෙළඳපල තුළ ඉන්ධන මිල ඉහළයාමත් සමඟ වැයවන පිරිවැයට සාපේක්‍ෂව ඉන්ධන මිල ඉහළනැංවීමක් කළ යුතු බවට තමන් රජයට යෝජනා කරන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති, සුමිත් විජේසිංහ මහතා පැවසීය.
මේ වන විට සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 128 ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක පාඩුවක් සිදුවන බව කී සභාපතිවරයා ඉන්ධන මිල සංශෝධනය කිරීමේ බලය සංස්ථාවට පමණක් තිබුණේ නම් අනිවාර්යයෙන් මිල වැඩිකිරීමක් කරන බව සඳහන් කළේය.
වර්තමානයේ පවතින මිල ගණන් අනුව මේ සඳහා වැයවන වියදම රජයට දැරීමට හැකි වේ යැයි තමා නොසිතන බව කී සභාපතිවරයා මෙම මිල ගණන් සම්බන්ධයෙන් කල්පනා කර බැලීමට සිදුවන බව ද කීවේය.
සභාපතිවරයා මේ බව පැවසුවේ ‘බලශක්තිය රටට ශක්තියක්’ තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (10) පැවති මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම පිළිවෙළක් නෑ.... ඩොලර් නෑ කියලා වැඩිකරනවා. ලෝක වෙළෙඳපලේ වැඩිවුණාම වැඩිකරනවා. හැබැයි කිසිම දවසක අඩුකරන්නේ නෑ. අඩුවුණත්, හැමදෙයක්ම රටේ හිඟයි. හැබැයි නාන්න රටබීම, සිගරට් තියෙනවා. මෙහෙම වෙන්නේ කොහොමද?