IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉන්ධන මිල ඉහළට

(යොහාන් භාසුර)

සියලුම ඉන්ධන වර්ගවල මිල ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 4 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 3 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් 62 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

එම මිල ඉහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 365 ක්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 420 ක්, ලංකා ඩීසල් ලීටරයක නව මිල රුපියල් 351 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 421 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 242 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (4)

ඉන්ධන මිල ඉහළට

Henagahapan gananbalaapan Monday, 02 October 2023 06:32 AM

ගිවිසුම ගහල ඇත්තේ සිනොපෙක් වලට වඩා සිපෙට්කෝ මිල හැමදාම වැඩියෙන් තියෙන්නම ඕන කියලා වෙන්න ඇති ඉතින් චීන්නු වැඩිකරන වාරයක් පාසා සිපෙට්කෝ වැඩිකරාවි ඉන්දියන් කාරයොත් ඊට දෙවැනි නැහැ ඊළඟට එන එවුන් ගැන හිතනකොට රටට දෙයියන්ගේම පිහිටයි

:       0       4

Nawien Monday, 02 October 2023 07:04 AM

දැන්නම් ඉතින් ලංකාව ආරක්ෂිත පැත්තකට හැරවීමට කිසියම් උපකරණයක සහාය ගන්නම වෙනවා. නැත්නම් ඉතින් මොකකින් මොකක් වෙයිද කියන්න බැහැ... කාංචනා කියන විදියට ජනවාරියේ දිනපතා සමාලෝචනය කළොත් කොහොමට හිටීවිද? ඊළඟ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් වත්මන් ඇමැතිවරයා ගැන කුමන තීරණයක් ගනීද බලමු...!

:       0       2

චන්දන Monday, 02 October 2023 08:15 AM

IMF සරණ යන ආණ්ඩුවට වෙන විකල්ප නැහැ. නමුත් ජනතාවට විකල්ප තියෙනවා. ඒකට සූදානම් නොවුණෝතින් ජීවත්වීම ප්‍රශ්නයක් වෙයි. රට හැර යාමට විරුද්ධ අයට ඇති විකල්ප කියනවාද?

:       0       1

Nimal Monday, 02 October 2023 11:25 AM

පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරලා ,චන්දයක් ලං වෙනකොට එක පාරටම අඩුකරනවා .කොහොමද ටිකිරි මොලේ

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site