(යොහාන් භාසුර)
ඉන්ධන ප්‍රවාහන කරන ටැංකි රථවලට ආරක්‍ෂාව ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කළ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.
ඉන්ධන ප්‍රවාහන කිරීමේදී ටැංකි රථ ඇතැම් නගරවලදී අපහසුතාවට පත්වන බවත් ටැංකි රථයකට රාජගිරිය ප්‍රදේශයේදී ඊයේ ජනතාව බාධා කර ඇති බවත් ශාන්ත සිල්වා මහතා කීය.
මෙම තත්වයෙන් ආරක්‍ෂාවීම සඳහා සම්පූර්ණ ආරක්‍ෂාව ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව ද ශාන්ත සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය වුණු සිද්ධීන් වලින් තේරුම් ගිය දෙයකි ලංකා පොලිසියට කවුරුවත් බය නැති එක..! දැන් පොලිසිය වෙන්න යනදේ වෙනකම් බලාගෙන ඉන්න එකයි කරන්නේ..! ඔය ඉන්ධන ටැංකි ආරක්‍ෂාවට පොලිසිය දාලා ඊට පස්සේ ඔතැන ගින්නක් ඇවිලුණොත් කියයි ඒකටත් සම්බන්ධ පොලිසිය කියලා..!