
(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුම්හල්හිමියන් අද (3) පස්වරුවේ සිට ඉන්ධන තොග ඇනවුම් කිරීම යළි ආරම්භ කළ අතර අද සිට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාගත හැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
ඒ අනුව රටපුරා හිඟයකින් තොරව පිරවුම්හල්වලට ඉන්ධන ලැබෙනුඇති බව ද ඔහු කීවේය.
ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ලබාදෙන සියයට 3 ක වට්ටම්ම සම්බන්ධ ගැටලුවට රජය විසදුමක් ලබාදෙනු ඇතැයි තව දුරටත් සංගමය විශ්වාස කරන බව ද සන්දනායක මහතා කීය.
ආණ්ඩුව තීරණය කර ඇති ක්‍රමයට මාසයක කාලයක් පිරවුම්හල් ක්‍රියාත්මක කර පසුව තීරණයක් ගන්නා බව ද ඔහු කීය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඛනිජ තෙගල් සංස්ථාවේ සභාපතිවරයා අවස්ථාවක් දී තිබීම නිසා ඒ පිළිබඳව අවදානය යොමුකර ඉන්ධ ඇනවුම් කිරීමට නැවත ආරම්භ කිරීමට තීරණය කළ බවත් එම රැස්වීමට වෙනත් සමාගම් යටතේ සිටින පිරවුම්හල්හිමියන්ට සභභාගිවීමට නොහැකි නම් ‘සිපෙට්කෝ’ පිරවුම්හල්හිමියන් සාකච්ඡාවට සහභාගි වී විසඳුමක් ලබාගනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීය.
මෙම ගැටලුව මේ වන විට ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබීම පිළිබඳව අවදානය යොමු කළ බවත් වර්තමාන ආණ්ඩුවට අත්දැකීම් නොමැතිවීම නිසා මෙවැනි තීරණයක් ගත්තේ යැයි විශ්වාස කරන බවත් සන්දනායක මහතා කීය.
ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ලිපියක් භාරදී තිබීම නිසා ජනාධිපතිවරයා ඒ පිළිබඳව අවදානය යොමු කරනු ඇතැයි විශ්වාස කරන බව ද ඒ මහතා වර්තමාන ආණ්ඩුව පත්වීමට පෙර ඇතිවූ ගැටලුවකත් හේතුවෙන් ආණ්ඩුවට සාධාරණ කාලයක් ලැබිය යුතු යැයි විශ්වස කරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ඉන්ධන ලීටරයක් සඳහා මෙතෙක් ගෙවූ සියයට 3 ක වට්ටම් මුදල පසුගිය 1 වැනිදා සිට අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තෛ්ය. එම තීරණයට විරෝධය දක්වමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පසුගිය 28 වැනිදා පස්වරුවේ සිට ඉන්ධන ඇනවුම් කිරීමෙන් ඉවත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය ජය ජය ජයවේවා මාලිමාවට
3 අත ඇරි යැයි?
ඊයේ 2දා මිත්‍රයෙක් මෝටර් සයිකලේට කට පිරෙන්න තෙල් ගහලා ..පැත්තට ඇලවුන ගමන් මූඩියෙන් තෙල් යනවා.. මට කිව්වා ලීටර් 30 විතර ගෙදර තියෙනවා කියල. ඔන්න පෝලිමේ ඉඳලා කරපු දේ.
පොහොට්ටුවට කඩේ යන්න ගිහිල්ල අමාරුවේ වැටෙන්න ඕන නෑ නේද කියල හිතිල වගේ.
අන්න එහෙම තමා ඉන්ඩ ඕන. හේතු සාධක මත පදනම් වෙලා නන් තීරණේ ගත්තේ, කවුරු කෑ ගැහුවත් වෙනස් කරන්ඩ ඕනේ නැහැ.
තුන හම්බෙලා නෑ, ඒ වුනාට මේ නිවේදනය නම් තනිකරම ලැජ්ජාවෙන් ගැලවෙන්න නිකුත්කරපු එකක්. දැන් ගෙදර යන්න වෙන්නෙ කඩුගන්නාවෙ මෝටර් සයිකල්කාරයා වගේ.
අනේ කෝ මේ අපේ යෝගා….. විලිලැජ්ජයි නේ…හ්!
ජාතික ප්‍රශ්නයක් උනේ කොහොමද ?
දැන් මුන් ඔක්කොම හිතාන ඉන්නේ, අත්දැකීම් කියන්නේ, කරපු විදිහටම උන්ට ජනතාවගේ සල්ලි කාගෙන ඉන්න දෙන එක කියල. එහෙම කරලා රට හදන්න කියල තමයි හැම එකාම කියන්නේ. මන් දැක්ක දොස්තරයෝ ටිකත් එහෙම කරන්න කියල වැඩ වර්ජනයකට යනවා කියල තියනවා. ලංකාව වගේ රටකට හරියන්නේ, චාමරය, සජීය, නාමලය, කෙහෙළිය වගේ එවුන් තමයි. උනුත් කාල, අනිත් එවුන්ටත් කන්න ඉඩ හැරලා ඇහ කණ පියාගෙන හිටිය නම් හොදයි. මුන් ඔක්කොටම ඕන, උන්ගේ බඩ වඩාගෙන, අනිත් එවුන්ට බැටේ දෙනවා බලාගෙන ඉන්න.