(යොහාන් භාසුර)
රුපියල් කෝටි ගණනක් වටිනා ඉන්ධන අස්ථාගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති මහා පරිමාණ වංචා සිද්ධියක චූදිතයෙක් යැයි කියන ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් හොර රහසේ විදේශගත ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ අදාල නිලධාරියා සහ පිරිපහදුවේ උසස් නිලධාරීන් කීප දෙනෙක්ට ඉන්ධන බැරල් අස්ථානගත වීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් මෙසේ චෝදනා එල්ල වී ඇති අතර එම ඉන්ධනවල වටිනාකම රුපියල් කෝටි 900 කට ආසන්න බව ද කී එම නිලධාරියා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ උසස් නිලධාරියා රැකියාවෙන් ඉවත් වන බව වෙනත් පාර්ශවයක් හරහා දැනුම්දී ඇති බව ද සඳහන් කළේය.
චෝදනාලාභී නිලධාරියා ලබන වසරේ විශ්‍රාම යෑමට නියමිත බවත් ඔහු ඇමරිකාවට පිටත්ව යන බව දැනුම්දී තිබුණ ද කැනඩාවට ගොස් ඇතැයි දැනගන්නට ලැබී ඇති බවත් එම නිලධාරියා කීය.
චෝදනා ලාභී නිලධාරියා ඇතුළු පිරිසක් එකතුව මෙරටට ආනයන කළ ඉන්ධන නෞකාවලින් ඉන්ධන බැරල් දහස් ගණනක් පිට කර ඇතැයි චෝදනා එල්ල වී ඇති අතර මෙම ඉන්ධන අස්ථාගත වීම සම්බන්ධයෙන් එම සංස්ථාව කළ අභ්‍යන්තර පරීක්‍ෂණයකින් ද හෙළි වී ඇති බව වාර්තා වේ.
මෙම මහා පරිමාණ ඉන්ධන ජාවරම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණි කර ඇති අතර ඉදිරියේදී එම දෙපාර්තමේන්තුව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරීන් රැසකගෙන් ප්‍රකාශ ගැනීමට නියමිත බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
238
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන පැන්නූ තෙල් සංස්ථාවේ ලොක්කා රට පැනලා
ukran Thursday, 03 August 2023 05:10 PM
මේක ඇමැති කෙනෙකුට නම් මෙතන කමෙන්ට් ගොඩයි. රට විනාශ වෙන්න 80%ක් වගකියන්න ඕනෑ වෘත්තීය සමිති.. ඕවා අටවන් කරන්නේම හොරකම් කරන එක තමයි. ඔය ලොක්කෝ ටික ගසාකාපුවා ගත්තොත් ලංකාවේ ණය ඔක්කොම ගෙවන්න පුළුවන්.