
(යොහාන් භාසුර)
ඩීසල් සහ පෙට්‍රල් නෞකා හතරක් ඉදිරි දින 15 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ඩීසල් රැගත් නෞකා දෙකක් අනිද්දා (19) සහ ජූනි මස 1 වැනිදා ද, පෙට්‍රල් නෞකා දෙකක් හෙට (18) සහ මේ මස 29 වැනිදා ද, ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ද එම නිලධාරියා සඳහන් කළේය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්ධන නෞකා 5 ක් ඩොලර්වලින් ගෙවීම් කළ නොහැකිව මේ වන විට නැංගුරම්ලා තිබෙන බවත් ඉන් බොරතෙල් නෞකාවක් දින 8 ක සිට මුදල් ගෙවීමට නොහැකිව තිබෙන බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් ගෙනාවත් ඇති වෙන්නේ නැහැ. අපේ මිනිස්සු පෝලිමේ ඉඳලා ඉඳලා තෙල් ටැංකියක් පුරවාගත්තු ගමන් රට වටේ යනවා.
මේ ආණ්ඩුවේ ලොකුම වැඩේ ඉන්ධන නැව් ගැන තොරතුරු දීමයි. ඉන්ධන නැව් එනවා කිය කියා හිඟය වසන් කිරීම මගින් ජනතා අසහනය නැතිවෙනවාද?
නැව ආවට වැඩක් තියෙනවද ඩොලර් නැතුව? පිටිපස්සෙන් තමයි හිනා යන්නේ...!