
(යොහාන් බාසුර)
දැඩි තදබදයක් පවතින බොහෝ නගර මේ වන විට පාළුවට ගොස් ඇති අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.
ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ නගරය ද දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබුණි.
ඉන්ධනවලට සීමා පැනවීම සහ සේවා සීමා කිරීමත්, නාගරික පාසල් වසා දැමීම නිසා මෙම තත්ත්වය පවතින බව ද වාර්තා වේ.
කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු මේ අයුරින් අඩාල වුව ද කොළඹින් පිට පළාත්වල ගමනා ගමන කටයුතු සීමාවීම නිසා බස් රථවල දැඩි තදබදයක් දක්නට ඇත.
ඇතැම් පළාත්වල බස් රථවල පිටුපස බෆරයේ මෙන්ම බස් රථවල වහලයේ මගීන් ගමන් ගාන්නා අයුරු දක්නට ලැබිණි.
බලන්ගොඩ ප්‍රදේශයේ ගමන් ගත් බසයක මේ අයුරින් මගීන් විශාල පිරිසක් එහි වහළය මත නැගී ගමන්ගන්නා අයුරු අප කැමරාවේ සටහන් විය.
(ශාන්ත රත්නායක)




උපේන්ද්‍ර ජාතුංගම


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙකට යන්න කාලෙ හරි, පවතින අසිමිත බලතල හිමි රජයේ නොහැකියාව මනාව පැහැදිලියි, ජනතාව රැවටිල, වහාම මතිවරණයක් අවශ්‍යයි,
රට රකින්න ආපු විරුවා මව්බිමට තව තව මොනවා විනාශ කරයිද?
අර්බුදයෙන් බලයට ආවත්, අර්බුදයෙන්ම ඔහු විනාශ වෙනවා. ඡන්ද දීපු ජනතාවටත් අමතක් වෙලා එදා ඡන්දයට ඉදිරිපත් වෙනකොටත් වත්මන් ජනාධිපතිට විරුද්ධව අපරාධ නඩු ගණනාවක් විභාග වෙමින් තිබුණා කියලා. එවැනි මිනිහෙක් රට හදාවිද? ඔහුගේ තරුණ පුතා ඇමරිකාවේ හොඳම තරුණ ජීවිතයක් ගත කරද්දී, මේ රටේ තරුණයින්ට හොඳ අනාගතයක් ඇති කරාවිද? තවදුරටත් අපි රැවටුණු එක ඇති...
දැන් ඉතින් ඇඹුල් තියල් ගිනියන්න පුළුවන්... පටු දැක්මක් තියෙන මිනිස්සුන්ට දැන්වත් තේරෙනවද මන්දා මේ භුක්ති විඳින්නේ වැරැදි ආයෝජන නිසා කියලා... මම කියන්නේ නෑ හයිවේ එක වැරැදි ආයෝජනයක් කියලා එක පාරටම, ඒ වගේම ඒක නිවැරැදි එකක් කියලත් කියන්න බෑ, ඇනලයිස් කරන්නේ නැතිව...