IMG-LOGO

ඉන්ධන ඉල්ලන විට වෙඩි තබන රටක මොන කම්කරු අයිතියක් ද?

(අංජුල මහික වීරරත්න)

බඩු මිල ශීඝ්‍රයෙන්  ඉහළ  යද්දී ඉන්ධන ඉල්ලා පෝලිම්වල හඬ නගන තරුණයන් වෙඩි තබා ඝාතනය කරන රටක කම්කරු අයිතීන් කිසිසේත්ම සුරැකෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් වූ විට  සියලු ප්‍රශ්න විසඳී වත්මන්  කම්කරු අරගලය ජයගනු ඇතැයි පවසන විජයවර්ධන මහතා ඒ ජන සටන දිනවීම සඳහා එක්සත් ජාතික පක්ෂය හැමවිටම කැපවී ක්‍රියා කරන බවද සදහන් කරයි.

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අබියස ජනතාව ඒකරාශීවී ඉල්ලන්නේ සමස්ථ ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ජීවන අරගලයට විසඳුම් බව කී විජයවර්ධන මහතා එහෙත් වත්මන් රජයට ඒ වෙනුවෙන් කිසිදු විසඳුමක්වත්, සාර්ථක ඉදිරි දැක්මක්වත් නැතැයි ද මුළු රටේම වැඩකරන ජනතාව ඊයේ (28) පාරට බැස්සේ නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාව උදාකර ගැනීම වෙනුවෙන් බව ආණ්ඩුව තේරුම් ගත යුතු යැයිද විජයවර්ධන මහතා පැවසීය.



අදහස් (1)

ඉන්ධන ඉල්ලන විට වෙඩි තබන රටක මොන කම්කරු අයිතියක් ද?

Bamunuarachchi Sunday, 01 May 2022 07:29 AM

රටේ නැති ඉන්ධන ඉල්ලන එක මොන ගොන් කමක්ද? ඉන්ධන ගෙනෙන්න ඩොලර් නැහැ. රටට ඩොලර් ගෙනාපු සංචාරකයොත් ආපසු හැරිලා ගියා. හේතුව උද්ගෝෂණ. උද්ගෝෂණ වැඩිවෙන තරමට ඩොලර් නැහැ ඩොලර් නැති වෙන්න වෙන්න උද්ගෝෂණ. මේවට උන්ඩ පාවිච්චි කරන රටට පාඩුවක් ඉන්දියන් ක්‍රමය හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1123 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site