IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ඉන්ධන අර්බුදයෙන් එළවළු සහ මාළු මිලත් ඉහළට

(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)

පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළවළු සහ මාළු මිල ගණන් පාරිභෝගිකයන්ට දරාගත නොහැකි තරමින් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

මේ වන විට එළවළු කිලෝවක තොග මිල රුපියල් 500කටත් වැඩි අගයක් ගන්නා අතර, ඇතැම් එළවළු වර්ගවල සිල්ලර මිල රුපියල් 1,000ක් පමණ වී ඇත.

එළවළුවල තොග මිල අද (22) දිනයේ ඉතා ඉහළ මට්ටමක පැවති අතර, බෝංචි කිලෝවක් රුපියල් 450ත් 500ත් අතර, තක්කාලි කිලෝවක් 600ත් 700ත් අතර, කැරට් කිලෝවක් රුපියල් 250ත් 280ත් අතර, ලීක්ස් හා ගෝවා කිලෝවක් රුපියල් 140ත් 160ත් අතර, අර්තාපල් කිලෝවක් රුපියල් 300ක් වැනි තොග මිලකට අලෙවි වූ බව වාර්තා වේ.

සිල්ලර වෙළඳසැල්වල තක්කාලි කිලෝවක් රුපියල් 1000ත් 1200ත් අතර, බෝංචි කිලෝවක් රුපියල් 550ත් 600ත් අතර, අර්තාපල් කිලෝවක් රුපියල් 360ක්, කැරට් කිලෝවක් රුපියල් 300ත් 400ත් අතර වැනි මිල ගණන් යටතේ අලෙවි විය.

මේ අතර මාළු මිල ගණන් ද ඉහළ ගොස් ඇති අතර තලපත් කිලෝවක් රුපියල් රුපියල් 2,400ත් 2,800ත් අතර, කෙලවල්ලන් කිලෝවක් රුපියල් 2,200ක්, පරා මාළු කිලෝවක් රුපියල් 1,800ත් 2,000ත් අතර, ඉස්සන් කිලෝවක් රුපියල් 1,600ත් 1,800ත් අතර, සාලයන් කිලෝවක් රුපියල් 800ක් වැනි ඉහළ මිල ගණන් යටතේ අලෙවි කෙරිණි.

සීමාසහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ පොහොර නොමැතිවීම නිසා ගොවි ජනතාව වගා කටයුතුවලින් ඈත්වීමෙන් අස්වනු අඩුවීම මෙන්ම ඉන්ධන ගැටලුව හේතුවෙන් ප්‍රවාහන කටයුතුවලට බාධා ඇතිවීම හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ යාමට හේතු වූ බවයි.

මේ හේතුවෙන් වෙළඳපලට පැමිණෙන එළවළු ප්‍රමාණය අඩුවී ඇති අතරම, අලෙවි වන ප්‍රමාණයන් ද අඩුවී ඇතැයි හෙතෙම පැවසීය.

ගෑස් නොමැතිවීම හේතුවෙන් කුඩා ආපන ශාලා, හෝටල් වැසීයාම නිසා ද එළවළු ආදිය අලෙවිවන ප්‍රමාණය අඩුව ඇතැයි කී සභාපතිවරයා එම හෝටල් විවෘතවීමෙන් පසු රට තුළ දැඩි එළවළු හිඟයක් මතුවිය හැකි බව ද කීවේය.

 



අදහස් (1)

ඉන්ධන අර්බුදයෙන් එළවළු සහ මාළු මිලත් ඉහළට

de silva Sunday, 22 May 2022 07:48 PM

සර්ගේ කාබනික නිසා අපි අමාරුවේ...!

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 383 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 839 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site