මුහුදු මාර්ග ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර තිබූ කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 181 ක් දකුණු ඉන්දියාවේ තූත්තුකුඩි ප‍්‍රදේශයේ එරට රේගු නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අද (30) වාර්තා කළේය.
ඉන්දීය රේගු නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත සොයා ගත් මෙම කේරළ ගංජා තොගය ඉන්දිය රුපියල් ලක්ෂ 27 කට ආසන්න වන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම කේරළ ගංජා තොගය ශ්‍රී ලංකාවට යැවීමේ අවසන් අදියර සූදානම් කිරීමට ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබියදී මෙම තොගය රේගු බාරයට ගෙන ඇත.
එම තොගය මදුරෙයි සිට තූත්තුකුඩිය හරහා රාමනාදන්පුරම් වෙරළ තීරය ඔස්සේ ලංකාවට යැවීමට ජාවාරම්කරුවන් සැලසුම් කර තිබූ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත් වාර්තාවේ දැක්වේ.
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd