මුහුදු මාර්ග ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර තිබූ කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 181 ක් දකුණු ඉන්දියාවේ තූත්තුකුඩි ප‍්‍රදේශයේ එරට රේගු නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අද (30) වාර්තා කළේය.
ඉන්දීය රේගු නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත සොයා ගත් මෙම කේරළ ගංජා තොගය ඉන්දිය රුපියල් ලක්ෂ 27 කට ආසන්න වන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම කේරළ ගංජා තොගය ශ්‍රී ලංකාවට යැවීමේ අවසන් අදියර සූදානම් කිරීමට ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබියදී මෙම තොගය රේගු බාරයට ගෙන ඇත.
එම තොගය මදුරෙයි සිට තූත්තුකුඩිය හරහා රාමනාදන්පුරම් වෙරළ තීරය ඔස්සේ ලංකාවට යැවීමට ජාවාරම්කරුවන් සැලසුම් කර තිබූ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත් වාර්තාවේ දැක්වේ.
(125)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දියාවෙන් ලංකාවට ගෙන එන්න හැදු ලක්ෂ 27 ක කේරල ගංජා රේගු බාරයට