(අංජුල මහික වීරරත්න)
අනාගත අභියෝගවලට ගැලපෙන ලෙස උසස් අධ්‍යාපන විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා හොඳම කේන්ද්‍රස්ථානයක් වීමට සූදානමින් සිටින අතර දකුණු ඉන්දීය වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ඉන්දියාවේ කේරළ, කර්නාටක, තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලඟනා යන ප්‍රාන්ත ඇතුළත්ව 2030 වන විට මිලියන 350 ක ජනගහනයක අධ්‍යාපන අවශ්‍යතා ගැන අවධානය යොමු කළ යුතු බවද සුරේන් රාඝවන් මහතා පැවසීය.
මේ වන විටත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාල තුනක ශාඛා මෙරට පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා සිදු කරමින් සිටින බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති සෑම සිසුවකුටම එම අවස්ථාව ලබා දීම රජයේ වගකීම බව අවධාරණය කළේය.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මේ බව කීවෙි “ස්ථාවර රටකට සැවොම එක මඟකට” තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (14) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල්ගල් තියන ඒවනම් එමටයි. එතැනින් එහාට වෙච්ච දෙයක් නෑ. ගල් පැලවෙනව විතරයි. එනිසා වැඩේ කරල ඉවරවෙලා ප්‍රතිඵලය පත්තරේ දැම්මනම් නේද වටින්නෙ.
ඉන්දියාව සඳත් තරණය කරයි ලගදිම . සුරෙන් මහත්තයෝ ඉන්දියන් කාරයෝ අපෙන් අධ්‍යාපනය ගන්නවා නම් උන්ට පිස්සු.