(යොහාන් භාසුර)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 12 වැනි තරගය ලෙස අහමදාබාද්හිදී අද (14) පැවති තරගයේදී ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලූ 7 කින් පාකිස්තානය පරාජය කරමින් පහසු ජයක් ලැබූහ.

ඉන්දීය පිල මෙම ජයග්‍රහණයත් සමඟ මේ දක්වා සහභාගි වූ තරඟ තුනම ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය.

පාකිස්තානු පිල ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 191 (අබ්දුල්ලා ශාෆික් 20, ඉමාම් උල් හක් 36, බාබර් අසාම් 50, මොහොමඩ් රිස්වාන් 49, ජස්ප්‍රිට් බුම්රා 19/2, මොහොමඩ් සිරාජ් 50/2, හර්ද්‍රික් පාණ්ඩියා 34/2, කුල්දීප් යාදේව් 35/2, රවීන්ද්‍ර ජඩේජා 38/2) ඉන්දීය පිල ඕවර 30.3 කදී කඩුලු 3 ට 192 (රෝහිත් ශර්මා 86, ෂුබ්මන් ගිල් 16, විරාට් කෝලි 16, ශියාස් අයිර් නොදැවී 53, කේ. එල්. රාහුල් නොදැවී 19, ශහීන් ෂා අෆ්රිඩී 36/2)