
(මහින්ද නිශ්ශංක)
ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය හා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වරාය අතර මගී යාත්‍රා සේවාව අද සිට ආරම්භ විය.
නාගපට්ටිනම් වරායෙන් අද පෙරවරුවේ මගීන් 50 දෙනකු රැගෙන පිටත් වූ මෙම යාත්‍රාව දහවල කන්කසන්තුරේ වරායට ළගා වූ බවත් අනතුරුව පැය කීපයකින් පසු මගින් 30 දෙනකු පමණ රැගත් යාත්‍රාව පස්වරු 2.00 ට පමණ කන්කසන්තුරේ වරායෙන් ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය වෙත පිටත්ව ගිය බව වරාය හා නාවික අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාවේ රාජ්‍ය නැව් සමාගම මගින් සුඛෝපභෝගී යාත්‍රාවක් මේ සදහා යොදවා ඇති අතර එහි එකවර මගීන් 150 කට පමණ ගමන් කිරීමට හැකි බව ද අමාත්‍යාංශය කියයි.
ඉන්දියාවේ සිට කන්කසන්තුරේ වරාය වෙත ළගා වූ මගී යාත්‍රාව පිළිගැනීම වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සිදු කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාපෘතිය හොඳයි හැබැයි 150 කට යන්න පුළුවන් එකේ ගමන් දෙකට 50 යි 30 යි භාගයක්වත් සීට් පිරිලා නැතුව වැඩේ පාඩුවෙලා නවතීවිද ?
ඔන්න එහෙනම් ඉන්දියාවයි ලංකාවයි අතර දේශීය ගමනාගමනය ආරම්භ උනා .ඉන්දියාවේ නවතම ප්‍රාන්තයට ජයවෙව්වා
ඉස්සර කල්ලතෝනියෙන් ආව අය දැන් නල්ල තෝනියෙන් එනවා.