
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුරදී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක් අත්සන් කිරීමට නියමිතය.
එම ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙි ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවී කළ සාකච්ඡාවේදී තහවුරු කර ගෙන තිබේ.
මෙම ගිවිසුම් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා ද සාගල රත්නායක මහතා දැනුම්වත් කර ඇත.
ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර තිබෙන මිත්‍රත්වය වර්ධනය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම වෙනුවෙන් මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.
පූනර්ජනනීය බලශක්තියට අදාලව ද, දෙරට අතර මුහුද යටින් තෙල් නල එළීම හා විදුලිය කේබල් එලීමට අදාලව ද, ත්‍රිකුණාමලේ ප්‍රදේශය ආශ්‍රිතව ආර්ථික කලාපයක් ඇති කිරීමට අදාලව ද, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේදි සෘජුවම ඉන්දීය රජය මගින් එය මිලදී ගැනීමට අදාලවද, කිරි නිෂ්පාදනයට අදාලව ද දෙපාර්ශවය අතර ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.
ජනාධිපතිවරයා ඉන්දීයාවට යාමට පෙර හා ඉන්දීය සංචාරය අතරතුර මෙම ගවිසුම් අත්සන් කරනු ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිවිසුම් ඕනෑ නැහැ. දැනටත් යාපනේ වැඩ කරන්නේ ඉන්දියාවට ඕනෑ විදියට. යාපනේ තමයි බඩු ලාබම. ඉන්දියන් රුපියලත් යාපනේ තියෙනවා. ඉන්දියන් බඩු යාපනේ ඕන තරම්...
මෙදා පාර සින්නක්කරේටම වික්කද ?