
(අමදෝරැ අමරජීව )
අඩුම කාලයක් තුළ පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබිමට ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවෙක් ඉකුත් මාර්තු 01දා සමත් විය.
එම විදුහලේ අට වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි හරිහරන් ධන්වන්ත් නැමැති සිසුවා මෙම ලෝක වාර්තාව තබා තිබේ.
ඉන්දියාවේ ධනුස්කොඩි සිට පෝක් සමුද්‍ර සංධිය හරහා තලෙයි මන්නාරමට කිලෝ මිටර් 31.5 ක් අඩුම කාලයක් වන පැය නවයයි විනාඩි 32 යි තත්පර 54 කාලයක් තුල පිහිනා මෙම වාර්තාව තබා තිබේ. මිට කලින් තිබු ලෝක වාර්තාව බිද දමමින් මෙම වාර්තාව තැබු ලාබාලතම සිසුවා ලෙසද ධන්වන්ත් සිසුවා ලෝක වාර්තා ඉතිහාසයේ නව පිටුවක් පෙරලිමද විශේෂත්වයක් විය.මිට කලින් තබා තිබු වාර්තාව හා වන වාර්තාව අතර කාලය විනාඩියකි.
බෝට්ටුවකින් ධනුස්කොඩි වරායට ගිය මෙම සිසුවා ඉකුත් මාර්තු 01 දා අළුයම 04:15 සිය ගමන ආරම්භ කර පස්වරු එකයි 47 යි තත්පර 54 කින් මෙම ගමන අවසන් කලේය.වාර්තාව තැබු සිසුවා පිළිගැනිමට හින්දු විදුහලේ විදුහල්පති එන්.පරමේෂ්වරන් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා හිටපු විදුහල්පතිවරැ තලෙයි මන්නාරම් වෙරලට පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුද පිහිනා තරණය කළ ඔබට ජය වේවා !
මෙවැනි සත් ක්‍රියා පිටුපස කුඩු බිස්නස් කාරයෝ ඉන්න බැරිද?
සුබ පැතුම් පුතා..
සුබ පැතුම්..!
සුබපැතුම්...! ඉස්සර පීනලා ආපු කට්ටිය කිව්වේ කල්ලතෝනි කියලා...