(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා අරඹා ඇතැයි ද එම සාකච්ඡා ප්‍රගතිශීලී අදියරක තිබෙන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ දී පැවසීය.
ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට වඩා වැඩි විදුලි බලයක් වෙරළාසන්න සුළඟින් උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව ලෝක බැංකුවේ මෑතකාලීන වාර්තාවක් පෙන්වා දී තිබෙන බව ජනාධිපතිවරයා කීය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ දකුණු කොටසෙහි වේගයෙන් වර්ධනය වන කාර්මික කලාපය වෙත ශ්‍රී ලංකාවේ අතිරික්ත විදුලිය අපනයනය කිරීමට අවස්ථාව සැලසෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම සහතික කිරීම වෙනුවෙන් රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා කීය.
මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇමෙරිකා ඩොලර් බිලියන 11.5ක් දක්වා විශාල ආයෝජනයක් අවශ්‍ය වෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති “හරිත තාක්ෂණ සංසදය” (Green Tech Forum) අමතමිනි. ස්විස් - ආසියානු වාණිජ මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හුලං. ලාභය අදානි ට. අන්තිමේ අපිට හුලං.
මෙහෙම තමයි එදා ජේ ආර් මහවැලි ව්‍යාපාරය කරන මොහොතේ කිව්වේ. අවසානයේ විදුලි කප්පාදුත් කරලා, රට බංකලොතුත් කරලා, විදුලිය විකුණනවා කියූ ඉන්දියානු අදානිට මෙම ව්‍යාපාරය දෙන්න තරම් මෙයාලා අසාර්ථකයි.
ඉන්දියාවට විකුණන්න කලින් අපේ ෆොසිල් ඉන්ධන භාවිතය අවම කරගත යුතු නොවේද?
වැඩේ හොඳයි මහත්තයෝ.. පොඩි අවුලකට තියෙන්නේ ඔය කියන ඔක්කොම දේවල් වෙන්නේ අවුරුදු 10-15 ගිහිල්ලා... අපි පොඩි කාලෙත් ඉන්දියාවට විදුලිය දෙන්න ගියා ඔය උන්නැහේලා... දැන් අපිට කරන්ට් වැදිලා ඉන්නේ ඔයාලගේ කතාව අහලා...
අපට බයිලා ගහලා ඉන්දියාවෙන් විදුලිය ගෙන්වන්න නේද යන්නේ..?
අදානිගේ ව්‍යාපෘතිය ලංකාවට විදුලි බලය ලබාදීමට නොව ඉන්දියාවට සැපයීමටයි. දැනටමත් ඒ සඳහා කේබල් ඇදගෙන යන බව ආරංචියි. ඒ විතරක් නෙවෙයි, ලංකාව ඒ විදුලිය මිලදී ගන්නවා නම් ඒකකයක් රුපියල් 50 කට වඩා වැඩි මුදලක් ගෙවිය යුතුයි... නමුත් දැනටමත් ඩීසල් බලාගාරය ඒකකයක මිල රුපියල් 22 ක් පමණවේ. පිංජනා, ගල් සාගලයා මේකෙන් කෝටි ගණනක් ගැහුවා. ඒවා වහන්න පිනා බොරු වපුරනවා.
විදුලිය ගැන මොනවා දැනගෙනද මේ කතාකරන්නේ. වසරකට පමණ පෙර අපේ රටේ විදුලිය හිඟවෙලා දිනකට පැය 12 කට වඩා ලයිට් කැපුවා. දැන් හදනවා ඉන්දියාවට විදුලිය දෙන්න. දවල් හීන..
මේවට තමයි කියන්නේ මූද හත්ගව්වක් තියෙද්දි අමුඩ ගහනවා කියලා. බිත්තර වෙළෙන්දිගේ කථාව මතක් උනා
ඔය අතිරික්ත විදුලිය ඔයාගෙයි, ගාල්ලේ ගවයගෙයි, සාගල wifeගෙයි, පස්චාත් භාගයට අපනයනය කලොත් වඩාත් හොඳයි.