
ඉන්දියාවේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ 156 ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම ඖෂධ භාවිත කිරීම තුළින් මිනිස් සිරුරට අහිතකර අවදානමක් ඇති විය හැකි බව සිදු කළ පර්යේෂණවලදී අනාවරණය වීම මීට හේතුව බව ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.
මෙසේ තහනම් කර ඇත්තේ බොහෝ දෙනකු මේවනතුරු සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ලද ඖෂධ වර්ග කිහිපයක් වීම කනස්සල්ලට හේතුවක් බව ද පැවැසෙයි.
ඉන්දීය ඖෂධ තාක්ෂණික උපදේශක මණ්ඩලයේ නිර්දේශ අනුව, ඉන්දීය මධ්‍යම රජය විසින් අදාළ ඖෂධ නිෂ්පාදනය කිරීම, විකිණීම සහ බෙදාහැරීම තහනම් කරනු ලැබුවේ යැයි මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කිසි ප්‍රශ්නයක් නෑ...ඒ සේරම ලංකාවට එවන්න කියන්න..
මේ ඖෂධවල නම් ලැයිස්තුවක් ලබාගන්න හැටි කියන්න.