
(ටී.කේ.ජී.කපිල )
රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද(06) කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය ඉන්දියාවේ මිසෝරාම් ප්‍රදේශයේ පදිංච් 29 හැවිරිදි සූපවේදිනියකි .ඇය මීට පෙර තුන් වරක් මෙරටට පැමිණ ඇති බව ගමන් බලපත්‍ර ඇසුරෙන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ අතර , ඇය විසින් රැගෙන ආ ගමන් බෑගයේ ව්‍යාජ පතුළක , පොලිතින් ඇසුරුම් තුළ ඔතා , මෙම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 644 ක් සගවා ගෙන තිබු බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශිය විදෙශීය... දූශිත හොරුන්ට නැවත ලන්කාවට නොඑන්නත්, දේශීය දූෂිතයන්ට රටින්පිට නොවෙන්නත්... ඔවුන්ගේ. ගුවන් බලපත් අහෝසි කරන්න...!