IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඉන්දීය සාගරයේ සාමය රකිනවාට ලංකාවට ඇගැයීමක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ (Samuel Paparo) මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21)  පැවැත්විණි.

අද්මිරාල් පපාරෝ මහතා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජය ගෙන යන වැඩපිළිවෙළ අගයමින් සිය සුබපැතුම් පිරි නැමූ අතර ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් සාමකාමී ඉන්දියානු සාගර කලාපයක් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකාව ලබා දෙන සහායද පැසසුමට ලක් කළේය. 

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින ශක්තිමත් සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන යාමටත්,      ශ්‍රී ලංකා රජයේ නව වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටත් සිය සහාය ලබා දෙන බව අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ මහතා පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල මානව සම්පත් සංවර්ධනයට එක්සත් ජනපදය අතීතයේ සිට මේ දක්වා ලබා දෙන සහාය  මෙහිදී කෘතවේදීව සිහිපත් කරන බවයි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) ලුතිනන් කර්නල් ඇන්තනී නෙල්සන්, එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් විධානයේ ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති උපදේශක ඩේවිඩ් රැන්ස් (David Ranz)  යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (2)

ඉන්දීය සාගරයේ සාමය රකිනවාට ලංකාවට ඇගැයීමක්

Nimanthi Friday, 21 March 2025 03:15 PM

ඔව් ඉතින් ඕන එකක් කරලා යනකන් ඉන්නවනේ. කයියනායකලාට පුළුවන් කොට්ටම් ගස් යට කයිය ගහන්න විතරයි.

:       4       2

Nalin Friday, 21 March 2025 03:25 PM

වැරැදුණු සහෝදරයා, ඉන්දියානු මහද්වීපයේ... ලෙසට නිවැරැදි විය යුතුයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 964 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site