IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉන්දීය රොකට්ටුව සඳට යයි

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, ’චන්ද්‍රයාන් 3’ මෙහෙයුම අද (14) සවස  2.35 ට ආරම්භ විය.

'චන්ද්‍රයාන් 3' මෙහෙයුම යටතේ සඳට පතිත කිරීමට නියමිත රොබෝ ගවේෂණ යානය 'වික්‍රම්' ය. 'වික්‍රම්' යානය තුළ කුඩා රෝවර් යානය ඇත. සඳ මතුපිට ගමන් කළ හැකි මෙම රෝවරය 'ප්‍රාග්යාන්' ය.

'වික්‍රම්' ගවේෂණ යානයත්, 'ප්‍රාග්යාන්' රෝවරයත් ඉන්දීය විද්‍යාඥයන්ගේ නිර්මාණයකි. සඳුගේ පස ගවේෂණය 'චන්ද්‍රයාන් 3' මෙහෙයුමේ අරමුණය.

ගවේෂණ යානා රැගත් 'ජී.එස්.එල්.වී. මාර්ක් 3' අති ප්‍රබල රොකට්ටුව, ගුවන්ගත කෙරුණේ ඉන්දියාවේ, දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ, ශ්‍රී හරිකොත පිහිටි 'සතිෂ් ධවාන්' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

'වික්‍රම්' රොබෝ යානය සඳුගේ දකුණු අර්ධ ගෝලයේ තෝරාගත් ස්ථානයකට පතිත කිරීමට නියමිතය. ඉන්පසු 'ප්‍රාග්යාන්' රෝවරය, 'වික්‍රම්'  යානයෙන් පිටතට පැමිණ, ඊට පැවරුණු මෙහෙයුම්වල නියැලෙනු ඇත.

ඉන්දියාව, සඳ මතුපිටට රොබෝ යානයක් පතිත කිරීමට උත්සාහ ගන්නා දෙවැනි අවස්ථාව මෙයයි.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, 'චන්ද්‍රයාන් 2' මෙහෙයුම 2019 සිදුවුණු අතර, එය අසාර්ථක විය.

ඉන්දියාවේ 'චන්ද්‍රයාන් 1' මෙහෙයුම සාර්ථක එකකි. 'චන්ද්‍රයාන් 1' කක්ෂීය යානයක් වූ අතර එය සඳුගේ කක්ෂයට සාර්ථකව යැවීම සිදුවිය. සඳ මතුපිට ජල අංශු ඇතැයි ලොවට කීවේ 'චන්ද්‍රයාන් 1' යානයයි.

පසුව නාසා ආයතනය ද ඒ බව තහවුරු කළේය. 2008 දී 'චන්ද්‍රයාන් 1' මෙහෙයුම අවසන් විය.'චන්ද්‍රයාන් 1' සඳ මතුපිටට කඩා වැටීමට සැලැස්වීය.

මේ වනවිට සඳ මතුපිටට රොබෝ යානා සාර්ථකව පතිත කර ඇත්තේ, ඇමෙරිකාව, රුසියාව සහ චීනය පමණි. 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම සාර්ථක වුවහොත් එය ඉන්දියාව ලබන විශාල ජයග්‍රහණයකි.

(ලුසිත ජයමාන්න)

'චන්ද්‍රයාන් 3' මෙහෙයුම - සජීවී විකාශය YouTube හරහා නරඹන්න‍



අදහස් (0)

ඉන්දීය රොකට්ටුව සඳට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site