
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් කොළඹදී සිදුවිය.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාරයාලය කරනු ලැබූ ඉල්ලීමකට අනුව එම හමුව සිදුවිය. කොළඹ 7 පස්වන පටු මගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී මෙම හමුව සිදු ව තිබේ.
ලෝක දේශපාලනය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයන් සම්බන්ධයෙන්ද මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා සිදු විය.
නේපාලයේ දැනට පවතින දේශපාලන අස්ථාවරත්වය සම්බන්ධයෙන් මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්ථාවරය ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර වූ සාකච්ඡාව පිළිබඳව ඉන්දීය මහා කොමසාරිස්වරයා විසින් නව දිල්ලියට වාර්තා කිරීමට නියමිත බවද දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යමක් සිදුවීමට නියමිතයි.
අනේ කවුරු හරි පිංවතෙක් මේ උංදෑ නේපාලේටවත් ගිහිං දානවද?
රුසියාව කීවා ලංකාවට දේශපාලන මැදිහත් වීම් කරන්න එපා පාඩුවේ ඉන්න දෙන්න කියලා ඕං..
කයියනායකලාට කෙළවිලා යන්න වගේ...
පහුගිය කාලේ මාරාන්තික ලෙඩ රෝග කන්දරාවක් තිබුනු රනිල්ට දැන් නම් ඉහෙන් බහින රෝගයක් නෑ වගේ?
මේ වගේ අට අනූවක් රෝග එකට තියෙන එකෙක් ලෝකෙ කොහෙවත් නැතිලු. ඒ රටවල විද්‍යාඥයො ඉල්ලනවාලු මෙයාව වදුරෝ වෙනුවට පාවිච්චි කරන්න, බේත් ටෙස්ට් කරන්න...
හමුවේ අරමුණ ඉන්දියානු ආධාර යටතේ කෙහෙළිය සමාගම හරහා මෙයාට බෙහෙත් ටිකක් දෙන්න වෙන්න ඇති. වැල් පාලමෙන් එගොඩවෙන්න 2048 වෙනකල් ජිවත් වෙන්නත් එපැයි.
දැන් කරන්න වෙන දෙයක් නැති නිසා, මහකොමසාරිස්වරුන් තනාතිපතිවරුන් හමුවෙලා රජයට බලපෑම් කරන්න උත්සාහ කරනවා ඇති නඩුව ඉවත් කර ගන්න හො සමතයකට පත්කර ගන්න. එහෙම කරලා මෙයා දැන් බොරුවට රටට කියනවා එයාගෙන් ජාත්‍යන්තර දේශපාලනය ගැන උපදෙස් ගන්න තානාපතිවරුන් හා මහා කොමසාරිස්වරුන් පෝලිමේ එනවා කියලා....