IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉන්දීය මුදල් ඇමැති චීනයට කළ ආරාධනය

(විමුක්ති එස් රුද්‍රිගු)

ණය අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය ගන්නා උත්සාහයට එක්වන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය චීනයට ආරාධනා කර ඇත.

එසේම ණය අර්බුදය හේතුවෙන් පීඩා විඳිමින් සිටින රටවලට ලබා දෙන සහාය කඩිනමින් ලබා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඇය ඉල්ලීමක්ද කර තිබේ.සංචාරක ක්ෂේත්‍රයෙන් සහ තේ අපනයනයෙන් ලැබෙන ආදායම සීමා වීම හේතුවෙන් මූල්‍ය පීඩාවකට මුහුණ දී සිටින මැදි අදායම් රටකට ශ්‍රී ලංකාව හොඳම නිදසුනක් බව සීතාරාමන් මහත්මිය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට සහාය වීම සඳහා ණය හිමියන්ගේ කමිටුවක් පිහිටුවමින් ජපානය ගත් කඩිනම් ක්‍රියාමාර්ග අගය කරන බවත් ඒ සඳහා ඉන්දියාව සහ ප්‍රංශයද සහාය ලබා දුන් බවත් සීතාරාමන් මහත්මිය පෙන්වා දී තිබේ.

ණය අර්බුදවලට මුහුණ දී සිටින රටවල් සහාය සඳහා ඉල්ලුම් කළ පසු වසර ගණනක් බලා සිටීමට වීම හේතුවෙන් අපහසුතාවයට පත්වන බවත් ඒ හේතුවෙන් ලබා දෙන සහන කඩිනමින් ලබා දිය යුතු බවත් ඇය පෙන්වා දුන්නාය.



අදහස් (1)

ඉන්දීය මුදල් ඇමැති චීනයට කළ ආරාධනය

de silva Sunday, 30 July 2023 02:23 PM

චීනේ ඕවාට කැමැති වෙන්නේ නැහැ... චීනා බලන් ඉන්නේ සින්නක්කරේට චීන්නු දුටු තැන අප්‍රසාදය ඵලකරන්න ඕනේ... හූ... කියලා එළවගන්න ඕනේ නැතිනම් ඔවුන් මේකේ බින්න බහිනවා.

:       4       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site