IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් 2කට අධි චෝදනා

(රෝෂන් තුෂාර)

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ක්‍රිකට්  තරගාවලියේදී මුදලට තරග පාවා දීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිට,එංගලන්ත හා නවසීලන්ත ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය  ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව නීතිපතිවරයා  කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද (22) පැවසීය.

මුදලට තරග පාවා දීමේ සිද්ධියට සම්බන්ධව අධිකරණය මගින් පනවා ඇති රටින් පිටවීමේ තහනම ඉවත් කරවා ගැනීමට සැකකාර  ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් ගොනු කළ විශේෂ මෝෂමට විරෝධය පළ කරමින් කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා නීතිපතිවරයා වෙනුවෙන් එසේ පැවසීය.

මෙම නඩු දෙක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ  කැඳවූ අතර සැකකාර කළමනාකරුවන්ට රටින් පිටවීම වළක්වමින් නිකුත් කර තිබූ  තහනම් නියෝග ඉවත් කරන්නැයි  කළ ඉල්ලීම් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මුදලට තරග පාවා දීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග වරුසවිතාන ක්‍රීඩකයාට බලපෑම් කළ  ඉන්දියාවේ  කෑන්ඩි  සෑම් ආමි කණ්ඩායමේ ප්‍රධාන මූල්‍ය විධායක කළමනාකාර යෝගී පටෙල්ට පසුගිය 16 වැනි දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ බවය.

2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ මෙම අධි චෝදනා නඩුව ගොනුකර ඇති බවද සඳහන් කළේය.



අදහස් (0)

ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් 2කට අධි චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site