(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පිහිටි සුපිරි හෝටලය තුළදී ඝාතනය කෙරුණු කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන ඕනේෂ් සුබසිංහ මහතාගේ සිරුර එම ඝාතනයෙන් මාස අටකට පසු පෙරේදා (1) රාත්‍රියේ මෙරටට ගෙන එනු ලැබූ බව කටුනායක ගුවන්තොටුපල පොලීසිය පවසයි.
මෙරටට ගෙන එනු ලැබූ කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරීර ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතව තිබිණි.
ඉන්දුනීසියාවේදී ද මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඇති බවත්පොලිසිය පවසයි.
කෝටිපති ව්‍යාපාරිකයාගේ සහෝදරියක වන කොළඹ 7 විජේරාම මාවතේ පදිංචි අනෝෂි සුබසිංහ මහත්මිය මෙම ඝාතනය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.අ
මීගමුව කොට්ඨාසය බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරි සමන් සිගේරා මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනවට වඩා ගෑනු පස්සේ යන මොකාට අන්තිමට ඔය ටික තමා.... රටේ ගෑනු නැතිව අමුතු මිහිර සෙවීමට යාමට පවට දඬුවම.
අයියෝ අපේ එම්.ඩී .හරිම දුකයි හිතට අප්පා .මෙවන් අකල්මරනයක් කිසිමදිනක නොවේවා