
(ඩී.ජී.සුගතපාල)
මීගමුව ධිවර වරායෙන් ගොස් දකුණු මුහුදේ ධිවර කටයුතුවල යෙදි සිටියදි ඉන්දුනිසියානු බහුදින ධිවර යාතුාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම නිසා පිලිස්සුම් තුවාල ලැබු ධිවරයකු ශ්‍රි ලංකා නාවික හමුුදාවේ ඩෝරා යාත්‍රායකින් ගාලු වරාය වෙත රැගෙන ඒමෙන් පසු අද රාත්‍රි කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලදි.
පිළිස්සුම් තුවාල ලබා ඇත්තේ ත්‍රිකුණාමලය පදිංචි 33 හැවිරිදි ධිවරයෙකි.
තුවාල ලැබු ධිවරයා ඇතුලු පිරිස සචින්ත පුතා නමැති බහුදින යාත්‍රාවෙන් ඉකුත් 22 වැනි දින මුහුදු ගොස් දකුණු මුහුදේ ධිවර කටයුතුවල යෙදි සිටියදි ඉන්දුනිසියානු බහුදින යාත්‍රාවකින් පෙට්‍රල් බෝමබ ප්‍රහාරයක් එල්ල කරඇත.
එහිදි තුවාල ලැබු ධිවරයා මෙරට මුහුදු සිමාවේ ගමන් කරමින් තිබු නෞකාවකට බාරදි ඇති අතර පසුව එම නෞකාව මගින් දක්ෂිණ නාවික හමුදා නිලධාරින්ට බාරදි ඇත.
නාවික හමුදා නිලධාරින් ඩෝරා යාත්‍රාවකින් තුවාල කරු අද රාත්‍රි ගාල්ල වරායට ගෙනැවිත් කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වරද කරපු ඉන්දුනීසියානු බහුදින යාත්‍රාවට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි .ඔවුන් කිසියම් ත්‍රස්ත කල්ලියකට අයත් කණ්ඩායමක් හැකිය.ජීවිත හානියක් සිදු නොවීම සතුටට කරුණක්