
ඉන්දුනීසියානු ගුවන් ප්‍රවාහන සමාගමට අයත් ATR 42-500 මගී ගුවන් යානයක් පුද්ගලයන් 11 දෙනකු සමඟ අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යෝග්යාකර්තා සිට මකාස්සාර් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානය සමඟ තිබූ සම්බන්ධතා අද ( 17) දින දේශීය වේලාවෙන් පස්වරු 1.00 න් පසු බිඳ වැටී ඇති බව වාර්තා වේ.
ගුවන්යානය මගීන් තිදෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් අට දෙනෙකු රැගෙන ගිය බව මකාස්සාර් සෙවීම් හා ගලවා ගැනීමේ ඒජන්සිය පවසයි.
යානය අවසන් වරට සම්බන්ධතා පැවැත් වු මකාස්සාර් වලට මායිම්ව පිහිටි මාරෝස් රීජන්සි හි කඳුකර ප්‍රදේශය අසලට සෝදිසි සහ ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇති බව එරට නිළධාරියකු පැවසු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ගොඩබිම සහ ගුවනින් සිදු කළ සෝදිසි කිරීම් සඳහා ගුවන් හමුදාව, පොලිසිය සහ ස්වේච්ඡා සේවකයන් සම්බන්ධ වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.
යානය සොයා ගැනීම සඳහා හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානා භාවිතා කරන බව මකාස්සාර් සෙවුම් සහ ගලවා ගැනීමේ ඒජන්සියේ මෙහෙයුම් ප්‍රධානී ඇන්ඩි සුල්තාන් පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
(හසිනි නවෝද්‍යා)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd