(සුජිත් හේවාජුලිගේ )
භූමිතෙල් සැපයීම ඉදිරියේදී සීමා කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචක විජේසේකර මහතා පැවසීය.
භූමිතෙල් සම්බන්ධයෙන් බරපතළ අවභාවිතා සිදුවන බව සඳහන් කළ අමාත්‍යවරයා එම අවභාවිතා වැළැක්වීමට පියවර ගත යුතු බවද සඳහන් කළේය.
ධීවර කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉදිරියේදී භූමිතෙල් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවභාවිතා නවත්තන්න සහ ක්‍රමවත් කරන්න තමයි ඇමැති කෙනෙක් දාලා තියෙන්නේ... සැපයීම නවත්තන්න නොවේ. බැරි නම් අස්වෙලා යන්න. මහින්ද ලොක්කා වගේ එලවනකම් තටමන්නේ නැතිව...
මොනවද "අවභාවිතා"? මිනිස්සු දවස් ගණන් පෝලිමේ ඉඳලා උයන්න ලාම්පුතෙල් ටික ගන්නේ ... හිඟයක් තියනවා නම් ඇත්ත කියන්න...!
අවභාවිතය කියන්නේ..? ඇයි මිනිස්සු තෙල් බොනවද?
මෝඩ ඇමතියන් භූමිතෙල් පාවිච්චි කරන්නේ වැඩිම හරියක් සාමාන්‍ය ජනතාව. ඒවා අවභාවිතා කරන්න ඒ අයට අවශ්‍යතාවයක් නොමැත. භූමිතෙල් දියව් කියලා ගෙවල් වටලයි...!
මිනිස්සු සල්ලි දීලා භූමිතෙල් ගන්නේ අවශ්‍යතා නිසා... නාස්ති කරන්න නෙවෙයි.
ඔව්, අපි භූමිතෙල් හෙළිකොප්ටරේට ගහගෙන කොළඹ ඉඳලා ත්‍රිකුණාමලේ දූපතට පියාසර කරනවනේ...!